Home / බොලිවුඩ් ගොසිප් / රන්වීර්ගේ ‘නිළි රැජන’


රන්වීර්ගේ ‘නිළි රැජන’


2017-09-27 11:07:00       702
feature-top
චිත්‍රපට අධ්‍යක්ෂ රිටීෂ් සිධ්වානිගේ නිවසෙහි පසුගිය සතියේ සාදයක් පැවැත්වුණා. බොලිවුඩ් සිනමා තරු රැසක් එකට එක්වී සිටි මේ සාදය ඇරැඹුණේ සවස් යාමයක.

රාත්‍රිය එළඹෙද්දී රිටීෂ්ගේ නිවස අබියසට පැමිණියේ නවීන පන්නයේ මෝටර් රියක්. එහි රියැදුරා බොලිවුඩයේ කැපී පෙනෙන තරුවක්. ඔහු තමයි, රන්වීර් සිං. ඔහු අසලින්ම, ඒ කියන්නෙ මෝටර් රියේ ඉදිරිපස අසුනෙහි සිටියේ රුවැත්තියක්. ඇය දුටු ගමන්ම ඒ අවට රැක සිටි ඡායාරූප ශිල්පීන් දිගට හරහට ඡායාරූප ගන්න පටන්ගත්තා. එයට හේතුව, බොලිවුඩ්පුරයේ දීප්තිමත්ම තාරකාව ඇය නිසයි. ඇය තමයි, දීපිකා පදුකෝන්. සිනමා විචාරකයන් දැන් දීපිකාව හඳුන්වන්නේ බොලිවුඩයේ නිළි රැජන හැටියටයි. (චිත්‍රපටයක රඟපෑම වෙනුවෙන් වැඩිම මුදලක් අය කරන බොලිවුඩ් නිළිය හැටියට වාර්තා වී ඇත්තේ දීපිකා පදුකෝන්වයි. ඇය මෑතකදී රඟපෑ අලුත්ම චිත්‍රපටය, ‘පද්මාවතී’. එහි රංගනය වෙනුවෙන් ඇය ලද මුදල ඉන්දීය රුපියල් කෝටි 13ක්.)

මේ නිළි රැජන තමයි, රන්වීර්ගේ පෙම්වතිය. ඇය වැනි ළඳක් තම මෝටර් රියෙහි ඉදිරි අසුනෙහි හිඳුවාගෙන ගමන් බිමන් යාම තරම් තවත් සතුටක් රන්වීර්ට තියෙයි ද?

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »