Home / බොලිවුඩ් ගොසිප් / පරිනීතියි ක්‍රිකට් තරුවයි අතර චැට් එකක්?

පරිනීතියි ක්‍රිකට් තරුවයි අතර චැට් එකක්?

2017-09-26 10:17:00       702
feature-top
ඉන්දු - ශ්‍රී ලංකා ක්‍රිකට් තරග මාලාවට සහභාගි වූ ක්‍රීඩකයෙක් තමයි, හාඩික් හිමන්ෂු පාන්ඩ්‍යා. ඔහු මෑතකදී බොලිවුඩ් තිරයේ සුරූපී යොවුන් නිළියක් සමඟ ට්විටර් පිටුවෙන් අදහස් හුවමාරු කර ගත් බවට උණුසුම් ආරංචියක් පැතිරී ගොස් තිබුණා.

මේ යොවුන් නිළිය තමයි, පරිනීති චොප්රා. ඇය සහ මේ ක්‍රිකට් ක්‍රීඩකයා අතර සමීප සබඳකමක් පවතින බවට කටකතා දසඅත පැතිරෙන්නට පටන් ගත්තේ ඉන් පසුවයි.

නමුත් හාඩික් පවසන්නේ තමන් මේ ගැන කිසිවක් නොදන්නා බවයි. “මම මේ ගැන දැන ගත්තේ ටෙස්ට් ක්‍රිකට් තරගවලට ශ්‍රී ලංකාවට ආවට පස්සෙයි. දවසක්දා මම උදේ ඇහැරිලා ට්විටර් එක බලනකොට ට්විටර් චැට් එකක් තිබුණා.

ඒක මම නෙමෙයි කරලා තියෙන්නෙ. පරිනීති චොප්රා එක්ක චැට් කරපු විදිහටයි, ඒක හදලා තිබුණේ. ඇත්තම කිව්වොත් මම පරිනීතිව අඳුරන්නෙත් නැහැ. කතා කරලවත් නැහැ. මේ ගැන හොයල බලනකොටයි තේරුණේ,

මේ ට්විටර් චැට් එක ෆෝන් කම්පනි එකක නිර්මාණයක් කියලා. මට ඉතින් මේක දැකලා හොඳටම හිනා. මම හරි කැමැතියි ඔය වගේ වැඩවලට. ඔය සිද්ධියෙන් පස්සෙ සමහරු මගේ ප්‍රේම සම්බන්ධතා ගැනත් අහනවා.

මම ඒවට නම් උත්තර දෙන්න යන්නෙ නැහැ. ෆෝන් කම්පැනි එකක ප්‍රචාරක වැඩක් දැකල ඕවට උත්තර දෙන්න බැහැ.”

හාඩික් සිනාසෙමින් පැවසුවා.

පරිනීති නම් මේ ගැන ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැහැ. ඇය මේ කටකතාව පැතිරෙද්දී රැඳී සිටියේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරයි. ඉන්දීය සංචාරක කර්මාන්තය ඔස්ට්‍රේලියාව තුළ ප්‍රචලිත කිරීම සඳහා ඇයව සුහද දූතිකාවක් ලෙස පත්කර තිබෙනවා. ඒ වැඩ කටයුතු සඳහායි ඇය සිඩ්නි නුවරට ගියේ

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »