Home / බොලිවුඩ් ගොසිප් / ඓශ්වර්යාගේ මනාපය මාධවන්ට වුණත්...

 


ඓශ්වර්යාගේ මනාපය මාධවන්ට වුණත්...

 


2017-09-25 10:52:00       698
feature-top
ජනප්‍රිය නළු ආර්. මාධවන්ට පසුගියදා අලුත් චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට ඇරයුම් ලැබුණා. චිත්‍රපටයේ නම, ‘ෆැනේ ඛාන්.’ අධ්‍යක්ෂණය කරන්නේ අතුල් මන්ජ්රේකර්. නිෂ්පාදකවරයා, රාකේෂ් ඕම් ප්‍රකාශ්. මේ චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කළ පසු එය තිරගත කිරීමේ ආරම්භක දිනය හැටියට යොදාගෙන ඇත්තේ 2018 අප්‍රේල් මාසයේ දිනයක්.

අධ්‍යක්ෂ අතුල් මන්ජ්රේකර් මෙහි ප්‍රධාන නළු නිළි යුවළ හැටියට තෝරා ගත්තේ ආර්. මාධවන් සහ ඓශ්වර්යා රායි.

ගිවිසුම් අත්සන් කිරීමට නියම කරගෙන තිබුණා. නමුත්, මාධවන් කියා සිටියේ චිත්‍රපටයේ රූගත කිරීම්වලට යොදාගෙන තිබෙන දිනවලට තමන්ට පැමිණිය නොහැකි බවයි. ඔහුගේ එම හේතු දැක්වීම ව්‍යාජයක් යැයි තතු දන්නා අය පවසනවා. සැබැවින්ම මාධවන් එලෙස පවසමින් චිත්‍රපටය මඟ හැර ඇත්තේ ඔහු ඉල්ලා සිටි ගාස්තුව ගෙවීමට නිෂ්පාදක රාකේෂ් ඕම් ප්‍රකාශ් අකැමැති වීමයි. මාධවන් ඉල්ලා ඇත්තේ දින 15ක රූගත කිරීම් වෙනුවෙන් රු. කෝටි 1.5 බැගින් වූ ඉහළම ගාස්තුවක්!

චිත්‍රපටයේ වියදම් ඇස්තමේන්තුව අනුව එවැනි වියදමක් දැරිය නොහැකි බව පැවසූ නිෂ්පාදකවරයා, මාධවන් වෙනුවට අදිල් ඉබ්රාහිම් නම්වූ මලයාලම් සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියාව යොදාගන්නට තීරණය කළා. ඔහු මේ බව ඓශ්වර්යා රායිට දැන්වූ විට ඇය අදිල් සමඟ රඟපෑම ප්‍රතික්ෂේප කළා. ඇගේ ඉල්ලීම වුණේ මාධවන්. එය ඉටුකළ නොහැකි ඉල්ලීමක් බව පැවසූ නිෂ්පාදකවරයා, ඊළඟට යෝජනා කළේ රාජ් කුමාර් රාවන්වයි. අන්තිමේදී ඔහු සමඟ රඟපෑමට ඓශ්වර්යා එකඟ වුණාලු.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »