Home / බොලිවුඩ් ගොසිප් / පන්ජාබයෙන් අලුත් තරුවක්

පන්ජාබයෙන් අලුත් තරුවක්

2017-09-14 10:44:00       695
feature-top
පන්ජාබ් සිනමා නිළියක වන ඉහානා ධිලොන් බොලිවුඩ් සිනමාවට පා තබන්නටයි සූදානම් වෙමින් සිටින්නේ. ‘ඩැඩි කූල් මුන්ඩේ ෆූල්’ සහ ‘ටයිගර්’ යන පන්ජාබ් චිත්‍රපටවල රඟපෑ මේ සුරූපිනිය බොලිවුඩ්පුරයට පා තබන්නේ ‘හේට් ස්ටෝරි’ චිත්‍රපට මාලාවේ සිවුවැන්න ලෙසින් කලඑළියට එන ‘හේට් ස්ටෝරි - 4’ චිත්‍රපටයේ රංගනයෙන්. ඉහානා ඒ ගැනයි, මෙලෙස කීවේ... “මටත් ‘හේට් ස්ටෝරි-4’ චිත්‍රපටයේ චරිතයක් ලැබුණා. මට මුලින්ම මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරුන්ගෙන් ඇරයුම ලැබුණාම, මට පොඩි සැකයක් මතු වුණා. මට ලැබුණේ රළු චරිතයක් නිසා. මම බැහැයි කිව්වා. නමුත් දෙවැනි වතාවටත් මට ඇරයුම් කළාම චිත්‍රපටයේ මට ලැබෙන චරිතය ගැන සාකච්ඡා කළා. එතැනදී මට දැනුණා, ඒ චරිතය කරන්න පුළුවන් කියලා. ඒ නිසා මම මුළු චිත්‍රපට කතාවම අහගෙන හිටියා. කතාව අහල ඉවර වුණ හැටියෙම මම කැමැති වුණා.” විශාල් පාණ්ඩ්‍යා අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටය ශෘංගාරාත්මක තේමාවකින් යුතු බවයි පැවසෙන්නේ. චිත්‍රපටයේ රූගත කිරීම් මේ මාසයේදී ඇරැඹීමට නියමිතයි.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »