Home / බොලිවුඩ් ගොසිප් / නිහතමානී ගායිකාව ආශා

නිහතමානී ගායිකාව ආශා

2017-09-13 11:49:00       698
feature-top
ඇය එදා ගැයූ ගීත අද පරපුර අතර ද ඉතාම ජනප්‍රියයි. ඇය තවමත් භාරත ගීත ලොව තම මිහිරි ස්වරයෙන් වර්ණවත් කරන්නට සම්මාදම් වෙනවා. ඇය තමයි, ආශා බෝස්ලේ. කලා ලොවේ ඉහළම තැනක වැජඹුණත් ඇය නිහතමානී කාන්තාවක්. මෑතකදී මුම්බායි නුවර පැවැත්වුණු ගනේෂ් චතුර්ති නම්වූ උත්සවයට ආශා බෝස්ලේ ද සහභාගි වුණා. මෙය සංවිධානය කර තිබුණේ ඉන්දියාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන මුකේෂ් අම්බානි සහ ඔහුගේ බිරිය වන නීටා අම්බානියි. කෙතරම් ප්‍රවීණ කලාකාරියක වුවද ආශා බෝස්ලේ මේ උත්සවයට පැමිණ සිටියේ ළා නිල් පැහැති සිල්ක් සාරියකින් සැරසී චාම් අන්දමින්. ඇය සමඟ ඇගේ මිණිබිරියක ද පැමිණ සිටියා. මෙම උත්සවයට ප්‍රියංකා චොප්රා, රන්බීර් කපූර් වැනි අද යුගයේ ජනප්‍රිය නළු නිළියන් කිහිප දෙනකුම එක්ව සිටියා. මේ සියලු දෙනා සමඟම කතාබහ කරන්නට අමතක නොකළ ආශා බෝස්ලේ, ඔවුන් සමඟ ඡායාරූපයකට ද පෙනී සිටියා. ඇය, ප්‍රියංකා චොප්රා ව අගය කරමින් කතා කළා. මේ අගය කිරීමේදී ප්‍රියංකාව ‘වන්ඩර්ෆුල් ලේඩි’ යනුවෙන් ද ඇය විසින් හඳුන්වා දෙනු ලැබුවා.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »