Home / බොලිවුඩ් ගොසිප් / බොලිවුඩයටත් මත් රකුසා ඇවිත්


බොලිවුඩයටත් මත් රකුසා ඇවිත්


2017-09-11 10:26:00       711
feature-top
මුම්බායි පොලීසියේ මත්ද්‍රව්‍ය නාශක අංශය පසුගියදා අත්අඩංගුවට ගත් 42 හැවිරිදි පුද්ගලයකු තහනම් මත්ද්‍රව්‍ය බොලිවුඩයේ නළු නිළියන් කිහිප දෙනකුට අලෙවි කරන බව හෙළිදරව් වී තිබෙනවා. විශේෂයෙන්ම, මුම්බායි නුවර ජූහු සහ බටහිර අන්ධේරි යන ප්‍රදේශවල පදිංචිව සිටින ජනප්‍රියත්වයට නොපැමිණි බොලිවුඩ් නළු නිළියන්ට මේ මත්ද්‍රව්‍ය අලෙවි කෙරෙන බවයි පැවසෙන්නේ.

“මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පිරිසක් එක්වෙලා සාදයක් පවත්වන බවට ලැබුණු ඔත්තුවක් අනුව අපි එක්තරා ස්ථානයක් වැටලුවා. එතන හිටියා බොලිවුඩ් චිත්‍රපටවල රඟපාන එතරම් ජනප්‍රියත්වයක් නැති නළු නිළියන් කිහිප දෙනෙක්.” එම පැටලීමට එක්වූ පොලිස් නිලධාරියකු පැවසුවා. එවැනි එක් නිළියක් වූයේ ක්‍රිටිකා චෞධූරියි. ඇය අකාලයේ මියගිය බව වාර්තා වුණා. කිසියම් දාමරික පිරිසක් විසින් ඇයව ඝාතනය කරන ලද බවයි පැවසෙන්නේ. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි ඇය නොයෙකුත් පුද්ගලයන්ගෙන් මත්ද්‍රව්‍ය ලබාගෙන ඒ සඳහා මුදල් නොගෙවා සිටීම මේ ඝාතනයට හේතු වී ඇතැයි පැවසෙනවා.

ක්‍රිටිකා චෞධුරි පදිංචිව සිටි තට්ටු නිවාස සංකීර්ණයට පැමිණි සාහසිකයන්, ඇගේ සිරුරෙහි කිහිප තැනකට කිසියම් ආයුධයකින් ඇන මරණය සිදුකර ඇතැයි පැවසෙනවා. මෑතකදී එක්තරා සම්මුඛ සාකච්ඡාවකට එක්වූ ප්‍රතීක් බාබාර් නම්වූ තරුණ රංගන ශිල්පියා පවසා ඇත්තේ ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බවයි. තවත් නළුවකු වූ ඉන්දර් කුමාර් මෑතකදී හෘදයාබාධයකින් මියගියා. ඔහු, බොලිවුඩ්පුරයේ ජනප්‍රිය නිළියක වන ඉෂා කොප්පිකාර් සමඟ පෙමින් බැඳී සිටි කාලයේදී ඇය සමඟ මත්ද්‍රව්‍ය භාවිත කළ බව හෙළි වී තිබෙනවා.

ඉන්දීය ආරංචිවල සටහන් වන්නේ මේ මත් උවදුර මැඬලීමේ කටයුතු දැන් යුහුසුලුව සිදුවන බවයි.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »