Home / බොලිවුඩ් ගොසිප් / ජැකලින්ගේ හිතට පීඩනයක්

ජැකලින්ගේ හිතට පීඩනයක්

2017-09-08 09:40:00       696
feature-top
1997 දී තිරගත වූ ජනප්‍රිය චිත්‍රපටයක් තමයි, ‘ජුඩ්වා.’ මෙහි අධ්‍යක්ෂවරයා ඩේවිඩ් ධාවන්. මේ චිත්‍රපටයේ දෙවැනි කොටස ‘ජුඩ්වා - 2’ නමින් දැන් රූගත වී තිබෙනවා.

පැරැණි චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ සල්මන් ඛාන්, කරිස්මා කපූර් සහ රම්භා. ‘ජුඩ්වා - 2’ චිත්‍රපටයේ රඟපෑමට තෝරා ගැනුණේ ජැකලින් ෆර්නැන්ඩස්, ටාජසි පන්නු සහ වරුන් ධාවන්. චිත්‍රපටයේ රඟපෑමට ගිවිසුම් අත්සන් කළ මොහොතේ පටන් ජැකලින් කාලය ගත කළේ දැඩි සිත් පීඩනයක් මැද්දේ. මේ අපහසුව ඇගේ සිතට දැනුණේ, එදා කරිස්මා කපූර් නිරූපණය කළ චරිතය ඇයට ලැබුණු නිසයි.

“කරිස්මා වගේ විශිෂ්ට නිළියක් රඟපෑ චරිතයක් මම කොහොමද රඟපාන්නෙ කියන බයක් තමයි මට තිබුණේ. ඒ වගේම සතුටකුත් තිබුණා. කොහොම වෙතත්, රෝහිත් ධාවන් සහ ඩේවිඩ් ධාවන් කියන අධ්‍යක්ෂවරුන් යටතේ මම රඟපාල තිබුණු නිසා හිතට පුංචි අස්වැසිල්ලක් තිබුණා. මං හිතනවා, මගේ රංගනය ගැන ඩේවිඩ් සර් සෑහීමකට පත්වුණා ය කියලා.” ජැකලින් එලෙස කීවේ ‘ජුඩ්වා - 2’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය දොරට වැඩීමේ අවස්ථාවට එක්වෙමින්. ජුඩ්වා තිරගත කිරීම ඇරැඹෙන්නේ සැප්තැම්බර් 29 දායි.

More News »