Home / බොලිවුඩ් ගොසිප් / ඊෂාගේ ‘දෙවැනි විවාහය’

ඊෂාගේ ‘දෙවැනි විවාහය’

2017-09-06 11:02:00       706
feature-top
ඊෂා ඩියොල් දෙවැනි වතාවටත් කසාද බඳින්න යනවලු.’ මේ ආරංචිය බොලිවුඩ්පුරය පුරාම පැතිරී ගියේ විදුලි වේගයෙන්. ‘එතකොට එයා සැමියාගෙන් දික්කසාද වෙලා ද? එයාට දරුවෙක් ලැබෙන්නත් ඉන්නව නේද?’ මෙන්න මේ ප්‍රශ්න හැමෝම එකිනෙකාගෙන් අහන්න පටන්ගත්තේ ආරංචිය පැතිරුණු විගසින්මයි.

රසිකයන් තුළ කුකුසක් ඇති කරමින් පැතිර ගිය ඊෂාගේ ‘දෙවැනි විවාහයේ’ ඇත්ත හෙළි වුණේ දවස් දෙක තුනක් ගතවුණාට පසුවයි. ඊෂා දෙවැනි වරට විවාහ වෙන්නෙත් ඇගේ එකම සැමියා වූ වෙළෙඳ ව්‍යාපාරික භාරත් ටක්ටානි සමඟයි. ඔවුන් දෙදෙනා මුල් වරට විවාහ වුණේ 2012 ජූනි මාසයේදීයි. එදා සිට අද දක්වා ගතවූ වසර 5 තුළ භාරත් සහ ඊෂා අතර කිසිදු ප්‍රශ්නයක්, ගැටුමක් ඇතිවුණේ නැහැ. දෙදෙනා වෙන්වී සිටියේත් නැහැ. මුලින්ම ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල උත්සවය පැවැත්වුණේ ද්‍රවිඩ චාරිත්‍ර වාරිත්‍ර අනුවයි.

දැන් ඊෂා මවු පදවිය ලබන්නටයි සූදානම් වෙමින් සිටින්නේ. පසුගිය 27වැනිදා, ඊෂා වෙනුවෙන් ඇගේ ඥාතින් විසින් සංවිධානය කරන ලද ඇයට තෑගි බෝග පිරිනැමීමේ උත්සවය ද පැවැත්වුණා.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »