Home / බොලිවුඩ් ගොසිප් / කමල හසන්ට නඩු දෙකක්

කමල හසන්ට නඩු දෙකක්

2017-09-04 10:26:00       703
feature-top
‘බිග් බොස්’ නම්වූ රියැලිටි වැඩ සටහන් මාලාව ඉන්දීය රූපවාහිනී ප්‍රේක්ෂකයන් අතර ඉතාම ජනප්‍රියයි. මේ වැඩ සටහන් මාලාවේ ද්‍රවිඩ භාෂාවෙන් ඉදිරිපත් වන වැඩ සටහන් ඉදිරිපත් කරන්නේ සුපිරි නළු කමල හසන්.

පසුගිය ජූලි මස අගදී විකාශය කෙරුණු එවැනි ‘බිග් බොස්’ වැඩ සටහනක් පිළිබඳව දැන් ලොකු ආන්දෝලනයක් මතු වෙලා. මේ වැඩ සටහනින් ඉන්දියාවේ ඉසායි නම්වූ ජන කොටසට නිගරු වන අන්දමේ ක්‍රියාවක් සිදු වූ බවයි පැවසෙන්නේ. ඉසායි ජනතාව නියෝජනය කරමින් එහි සභාපති කේ. ආර්. කුහේෂ් චෝදනාත්මකව පවසා ඇත්තේ, කමල් හසන් මේ වැඩ සටහන ඉදිරිපත් කරද්දී නාදස්වරම් නම් වූ සංගීත භාණ්ඩයට අවමන් කළ බවයි. ඉසායි ජන වර්ගයේ දැඩි ගෞරවයට පාත්‍ර වන මේ සංගීත භාණ්ඩය ‘බිග් බොස්’ වැඩ සටහනේදී කමල් හසන් විසින් එහි සිටි පිරිස අතරේ අතින් අත යැවූ බවත් ඔහු පැවසුවා. එපමණක් නොවෙයි, එම සංගීත භාණ්ඩය කිසිදු සැලකිල්ලකින් තොරව අසල වූ මේසයක තැබූ බවත් ඉසායි නායකයා පැවසුවා. මෙය, එම වැඩ සටහන නැරැඹු ප්‍රේක්ෂකයන්ට වැරැදි පණිවිඩයක් ලබාදුන් බව පැවසූ කුහේෂ්, ඊට එරෙහිව නඩු මගට පිවිසුණු බවත් පැවසුවා. කමල් හසන්ට නඩුවක් පවරමින් ඔහුගෙන් රු. කෝටි 100ක වන්දියක් අය කර දෙන ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »