Home / බොලිවුඩ් ගොසිප් / හේමා මාලිනී ගායිකාවක් වෙයි


හේමා මාලිනී ගායිකාවක් වෙයි


2017-08-29 10:38:00       695
feature-top
එදා හින්දි සිනමා තිරයේ ජයකෙහෙළි නැංවූ නිළි, හේමා මාලිනී රසික පරපුරට අමතක නැහැ. ඇය දැන් 68 වැනි වියෙහි පසුවෙනවා. මේ ප්‍රවීණ සිනමා නිළිය අලුත් වැඩකට යොමු වෙලා. අලුත් චිත්‍රපටයක රංගනයකට නම් නොවෙයි. ඇය ගීත කිහිපයක් ගායනා කරමින් ගායන ලොවට එක්වෙලා. ඇගේ මුල්ම ගීත ඇල්බමය ලෙස ‘ගෝපාලා කෝ සමර්පන්’ නමින් පසුගියදා නිකුත් වුණා.

“මම කවදාවත් හිතුවෙ නැහැ, ගායිකාවක් වෙන්න. ඒත් මට ලැබුණා නාරායන් අගර්වාල්ජි කියන ගීත රචකයා ලියූ හොඳ ගීත කිහිපයක්. ඒත් එක්කම මේ ගීතවලට තනු යොදා ඒවා සංගීතවත් කරන්න දක්ෂ සංගීතඥයන් කිහිප දෙනකුත් මට හඳුන්වලා දුන්නා. ඒ නිසා මම ඒ ගීත ප්‍රතික්ෂේප කරන්නෙ නැතුව ගායනා කළා. මම හිතන්නෙ ගායිකාවක හැටියට මගේ හැකියාවන් පෙන්වන්න මේ හොඳම කාලය කියලයි. හැබැයි මම වෘත්තීය ගායිකාවක් නෙමෙයි. දිගටම ගීත ගායනා කරන්න බැරි වේවි. මොකද, මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්. මගේ දුවට (ඊෂා ඩියොල්) දරුවෙක් ලැබෙන්න ඉන්නවා. මට ගෙදර වැඩ තියෙනවා. ඒ නිසා වෘත්තිය ගායිකාවක් වෙන්න බැහැ” එලෙස පවසන හේමා මාලිනී, මෙම ගීත එකතුවට තම සැමියා ධර්මේන්ද්‍ර (ප්‍රවීණ නළු) සතුට ප්‍රකාශ ක‍ළ බවත් හෙළි කළා. “මේ ගීත තැටිය අපේ ගී රැජන ලතා මංගේෂ්කර් මහත්මියටත් මම පිළිගැන්නුවා. එතුමිය මේ ගීතවලට ප්‍රශංසා කළා” හේමා මාලිනී තවදුරටත් ප්‍රකාශ කළා. වියෙහි පසුවෙනවා. මේ ප්‍රවීණ සිනමා නිළිය අලුත් වැඩකට යොමු වෙලා. අලුත් චිත්‍රපටයක රංගනයකට නම් නොවෙයි. ඇය ගීත කිහිපයක් ගායනා කරමින් ගායන ලොවට එක්වෙලා. ඇගේ මුල්ම ගීත ඇල්බමය ලෙස ‘ගෝපාලා කෝ සමර්පන්’ නමින් පසුගියදා නිකුත් වුණා.

“මම කවදාවත් හිතුවෙ නැහැ, ගායිකාවක් වෙන්න. ඒත් මට ලැබුණා නාරායන් අගර්වාල්ජි කියන ගීත රචකයා ලියූ හොඳ ගීත කිහිපයක්. ඒත් එක්කම මේ ගීතවලට තනු යොදා ඒවා සංගීතවත් කරන්න දක්ෂ සංගීතඥයන් කිහිප දෙනකුත් මට හඳුන්වලා දුන්නා. ඒ නිසා මම ඒ ගීත ප්‍රතික්ෂේප කරන්නෙ නැතුව ගායනා කළා. මම හිතන්නෙ ගායිකාවක හැටියට මගේ හැකියාවන් පෙන්වන්න මේ හොඳම කාලය කියලයි. හැබැයි මම වෘත්තීය ගායිකාවක් නෙමෙයි. දිගටම ගීත ගායනා කරන්න බැරි වේවි. මොකද, මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්. මගේ දුවට (ඊෂා ඩියොල්) දරුවෙක් ලැබෙන්න ඉන්නවා. මට ගෙදර වැඩ තියෙනවා. ඒ නිසා වෘත්තිය ගායිකාවක් වෙන්න බැහැ” එලෙස පවසන හේමා මාලිනී, මෙම ගීත එකතුවට තම සැමියා ධර්මේන්ද්‍ර (ප්‍රවීණ නළු) සතුට ප්‍රකාශ ක‍ළ බවත් හෙළි කළා. “මේ ගීත තැටිය අපේ ගී රැජන ලතා මංගේෂ්කර් මහත්මියටත් මම පිළිගැන්නුවා. එතුමිය මේ ගීතවලට ප්‍රශංසා කළා” හේමා මාලිනී තවදුරටත් ප්‍රකාශ කළා.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »