Home / බොලිවුඩ් ගොසිප් / සතුටු කඳුළු මැද කරන්, කාජල්ට සුබ පතයි

සතුටු කඳුළු මැද කරන්, කාජල්ට සුබ පතයි

2017-08-24 01:24:00       713
feature-top
‘කුච් කුච් හෝතා හේ’ සහ කභි කුෂි කභි ඝම්’ යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ ජනප්‍රිය සිනමාකරු, කරන් ජොහාර්. මේ චිත්‍රපටවල ප්‍රධාන චරිත නිරූපණය කළ නිළියක් තමයි, කාජල්. ඇය සහ කරන් අතර වසර ගණනාවක් තිස්සේ පැවතුණේ දැඩි මිත්‍රත්වයක්. සිනමා ලෝකයේදී ඇතිවී වැඩී ගිය මේ හිතවත්කම, සිනමාව නිසාම බිඳ වැටුණා. මීට වසර කිහිපයකට පෙර මේ මිතුදම වියැකී ගියේ කාජල්ගේ සැමියා වන ජනප්‍රිය නළු අජේ දේව්ගන් නිෂ්පාදනය කළ චිත්‍රපටයක් සහ කරන් ජොහාර්ගේ චිත්‍රපටයක් එක විට තිරගත කිරීමේදී පැන නැඟුණු ආරවුලක් හේතුවෙන්.

මෙයින් පසුව දිගින් දිගටම ලියලා ගිය කරන් සහ කාජල් – අජේ යුවළගේ විරසකයට පසුගියදා තිත තැබුණා. ඒ, කාජල්ගේ උපන් දින සාදයේදී මේ වන විට කරන් ජොහාර් නිවුන් දරු දෙදෙනකුගේ පියෙක් බව කවුරුත් දන්නවා. ඔහු අවිවාහකයකු වුණත් නවීන විද්‍යාවේ පිහිටෙන් ඔහුගේම ලෙස නාඳුනන කාන්තාවකගේ කුසෙහි හැදී වැඩී මේ දරු දෙදෙනා බිහි වුණා. මේ දරු දෙදෙනාගේ ලස්සන ඡායාරූපයක් මෑතකදී, කරන් තම ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි පළ කළා. ඒ විතරක් නොවෙයි, ඔහු මේ පින්තූරය කාජල්ට විශේෂයෙන්ම ඊමේල් කර තිබුණා. ඔහු එම ඡායාරූපයට යටින් හැඟුම්බර වාක්‍ය කිහිපයකුත් සටහන් කළා. කාජල් මෙය දුටු විටම ඇගේ නෙත්වලට කඳුළු පිරුණේ නිතැතින්මයි. ඇය ඒ මොහොතේම තම සිතට නැඟුණු හැඟුම් සටහන් කළා. ඒ සමඟම ඇය කරන් වෙතට ඇරයුමක් කර, ඒ පණිවිඩ දෙකම ඔහුට යොමුකළා. තම උපන් දින සාදයට සහභාගි වන ලෙසයි කාජල්, කරන්ගෙන් ඉල්ලා සිටියේ.

කාජල්ගේ උපන් දින සාදය සුපිරි මට්ටමින් පැවැත්වුණේ නැහැ. චාම් අන්දමින් පැවැත්වුණු ඒ සාදයට සන්ධ්‍යා භාගයේදී කරන් පැමිණියේ සතුටු කඳුළු රඳවාගෙනයි. ඔහු, කාජල් වෙත දිව ගොස් ඇයව වැලඳ ගත්තේ දැඩි සෙනෙහසකින්. කාජල්ට උණුසුම් සුබ පැතුම් පිරිනැමු කරන්, ඇය සමඟ බොහෝ වේලාවක් කතාබහ කරමින් සිටියා.



Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »