Home / බොලිවුඩ් ගොසිප් / අමීර් - කිරන් ගෙදරට කොටුවෙලා


අමීර් - කිරන් ගෙදරට කොටුවෙලා


2017-08-21 09:11:00       700
feature-top
අමීර් ඛාන් පසුගිය සතියේ කාලය ගත කළේ තම බිරිය, කිරන් රාඕ සමඟ නි‍ෙවසට වී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින්. දෙදෙනාටම එච්1 එන්1 උණ රෝගය වැළඳිලා තිබුණා. මේ හේතුවෙන් අමීර්ටවත් කිරන්ටවත් කිසිම කාර්යයකට නිවසින් බැහැරව යන්නට හැකි වුණේ නැහැ. වෛද්‍යවරුන් ඔවුන් දෙදෙනාටම අවවාද කර තිබුණේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් නිවෙසට වී විවේකීව සිටින්න කියලයි.

“පහුගිය සතියේම මම කිරන් එක්ක ගෙදරටම වෙලා බාහිර කිසිම කෙනෙක් මුණ ගැහෙන්නෙ නැතිව හිටියා. වෛද්‍යවරු අපිට කිව්වෙ එහෙම ඉන්න කියල අපෙන් අනෙක් අයට මේ ලෙඩේ බෝවෙන්න ඉඩ තියෙන නිසා. එච්.1 එන්.1 වෛරසය ඉක්මනින්ම පැතිරෙන බව වෛද්‍යවරු අපිට කිව්වා.”

අමීර් මේ බව මුළු ලොවටම ප්‍රකාශ කළේ වීඩියෝ ඔස්සේ සිදුකළ සම්මන්ත්‍රණයකට එක්වෙමින්. අමීර් සහ කිරන් මෙවැනි රෝගයකින් පීඩා විඳිමින් සිටින බව දැනගත් ශාරුක් ඛාන් තම ඉන්ස්ටග්‍රෑම් පිටුව ඔස්සේ ඔවුන් දෙදෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කළා.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »