Home / බොලිවුඩ් ගොසිප් / මධුරි ගැන විකට චිත්‍රපටයක්


මධුරි ගැන විකට චිත්‍රපටයක්


2017-08-17 10:28:00       700
feature-top
ප්‍රියංකා චොප්රා විකට චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න ලකලැහැස්ති වෙනවාලු. එය, බොලිවුඩ් චිත්‍රපටයක්. සත්‍ය ජීවිත කතාවක් ඇසුරෙන් නිර්මාණය කිරිමට බලාපොරොත්තු වන මෙහි කථානායිකාව බොලිවුඩ් සිනමාවේම සැබෑ චරිතයක්. සුරූපී නිළියක්. ඇය තමයි, මධුරි ඩික්සිත්. මේ සුපිරි නිළියගේ ජීවිත කතාව තමයි ප්‍රියංකාගේ චිත්‍රපටයට පාදක වන්නේ. මධුරි, බොලිවුඩ් සිනමාවෙන් මඳකට සමුගෙන විවාහ වී ඇමෙරිකාවේ පදිංචියට යෑම ගැන තමයි, මේ චිත්‍රපට කතා තේමාව වී ඇත්තේ. එය හාස්‍යය මුසු වූ කතාවක් විලසින් ගෙතෙන්නේ කෙසේදැයි තවම ප්‍රකාශ වී නැහැ. මධුරි ඩික්සිත් මෙහි විධායක නිෂ්පාදකවරියක ලෙස කටයුතු කරනවාලු.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »