Home / බොලිවුඩ් ගොසිප් / අනුරාග්ට රිෂීගෙන් බැණුම් කෝටියක්

අනුරාග්ට රිෂීගෙන් බැණුම් කෝටියක්

2017-08-16 09:37:00       698
feature-top
මේ දිනවල තිරගත වන ‘ජග්ගා ජාසුස්’ චිත්‍රපටය, බලාපොරොත්තු වූ තරමේ සාර්ථකත්වයක් ලබාගෙන නැති බවයි බොලිවුඩ්පුරයෙන් ලැබෙන අලුත්ම ආරංචිවල සටහන් වන්නේ. තිරගත වීමට කලින් විශාල ප්‍රචාරයක් ලබා දුන්න ද, තිරගත වන මේ දිනවල විවිධ චන්ද්‍රිකා රූපවාහිනී චැනල ඔස්සේ චිත්‍රපටයේ ගීත නිතරම විකාශය වුවද ‘ජග්ගා ජාසුස්’ අසාර්ථක වෙලා.

මෙහි ප්‍රධාන නළු නිළි යුවළ තමයි, රන්බීර් කපූර් සහ කට්රිනා කායිෆ්. රන්බීර්ගේ පියා, ප්‍රවීණ නළු, රිෂි කපූර්. පසුගියදා රිෂි කපූර් ‘ජග්ගා ජාසුස්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ අනුරාග් බාසුට තදින්ම දෝෂාරෝපණය කර තිබුණා. ඒ, ‘ජග්ගා ජාසුස්’ අසාර්ථක වීම පිළිබඳවයි. මේ චිත්‍රපටය වසර 3ක් තිස්සේ නිෂ්පාදනය වූ බවත් අධ්‍යක්ෂවරයාගේ නොසැලකිල්ල නිසා චිත්‍රපටයට නොයෙකුත් බාධක මතු වූ බවත් ඔහු පවසා තිබුණා. රන්බීර් සහ කට්රිනාගේ දුර්වල රංගනයන් දක්නට ලැබෙන බවත් එහි වරදකාරයා අධ්‍යක්ෂවරයා බවත් රිෂි කපූර්ගේ අදහසයි. රිෂිගේ මේ චෝදනාවලට අධ්‍යක්ෂ අනුරාග් මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »