Home / බොලිවුඩ් ගොසිප් / ආක්ෂේගෙන් අපූරු පාඩමක්

ආක්ෂේගෙන් අපූරු පාඩමක්

2017-08-15 10:17:00       703
feature-top
ආක්ෂේ කුමාර්, රංගන ශිල්පියකු හැටියට පෙන්වූ දස්කම් යළි සිහිපත් කළ යුතු නැහැ. වසර ගණනාවක් තිස්සේ සිනමා රංගනයෙහි නියැළී සිටි ඔහුගේ ප්‍රවීණත්වය නිසා දැන් රියැලිටි වැඩ සටහන්වලට ඔහුව දායක කරගන්නටත් ඉන්දීය රූපවාහිනී චැනල උනන්දු වෙනවා. එවැනි එක් රියැලිටි වැඩසටහනක් තමයි, ‘ඩාන්ස් ප්ලස් - 3’ ගීතමය නර්තන ජවනිකා නිරූපණය කරන මේ වැඩ සටහනට ආක්ෂේ සහභාගි වුණේ නවක නිළි භූමි පෙඩ්නෙකා සමඟයි. මේ රුවැති නිළිය ආක්ෂේ සමඟ ‘ටොයිලට් ඒක් ප්‍රේම් කථා’ නම් වූ අලුත්ම චිත්‍රපටයේ රඟපෑවා.

රියැලිටි වැඩ සටහනට සහභාගි වීමට කලින්, එහි නිරූපණය කිරීමට නියමිත නර්තනය පුහුණු වීමට ආක්ෂේ, භූමිව එක්කර ගත්තා. පසුබිමෙන් ගීතය වාදනය වෙද්දී ගීතයේ වචන අනුව තොල් සොලවමින් නර්තනයෙහි යෙදිය යුතු වුණා. ‘හාස් මට් පාග්ලි’ යනුවෙන් වූ එම ගීතය වේග රිද්මය මුසු වූ නිර්මාණයක්. ඒ නිසා එයට අනුව නර්තනයෙහි යෙදීම එතරම් ලෙහෙසි පහසු දෙයක් වුණේ නැහැ.

කොහොම වෙතත්, නවක නිළි භූමි, ඉතාම උනන්දුවෙන් ඒ පෙරහුරුවට එක්වුණා. නර්තනයෙහි යෙදෙන විට ඇය කිහිප වතාවක්ම වැරැදි ඉරියව්වලින් පාද තබන බව ආක්ෂේ දුටුවා. ගීතයේ වචන මිමිණුවේ ද වැරැදි අයුරින් බව ආක්ෂේගේ නෙත්වලට හසු වුණා.

ඔහු වහාම ඒ බව භූමිට පවසා ඇගේ වැරැදි නිවැරැදි කරන්නට දැඩි උත්සාහයක් ගත්තා. ඇගේ නර්තනයේ සෑම පියවරක්ම ඉතාම ඉවසිලිමත්ව ඔහු නිවැරැදි කළේ ප්‍රවීණ නර්තන ආචාර්යවරයකු වගෙයි. භූමිගේ නර්තන රටා හරියටම නිවැරැදි වූ පසුවයි, ඔහු ඇයත් සමඟ රියැලිටි වැඩ සටහනට එක් වූයේ. ආක්ෂේ, තමන් සමඟ රඟපාන නවක නළු නිළියන්ට මෙලෙස නිවැරැදි මාර්ගය පාදා දෙන බවයි, මේ සිද්ධිය ඇසූ දුටු බොහෝ දෙනකු ප්‍රකාශ කළේ.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »