Home / බොලිවුඩ් ගොසිප් / අසංවර යෝජනාවෙන් කොයිනා කැළඹෙයි

අසංවර යෝජනාවෙන් කොයිනා කැළඹෙයි

2017-08-14 10:17:00       698
feature-top
කොයිනා මිත්‍රා බොලිවුඩ් සිනමාව වර්ණවත් කරන තවත් ජනප්‍රිය නිළියක්. මේ සුරූපිනියට පසුගිය සතියේ මුහුණ දීමට සිදුවුණේ ඉතාම අමිහිරි අත්දැකීමකටයි.

චිත්‍රපට රුගත කිරිම්වලට සහභාගි වී නිවෙසට පැමිණ මහන්සිය දුරු කරගන්න හිතාගෙන අසුනකට බරවී සිටි එක් දවසක ඇයට දුරකථන ඇමතුමක් ලැබුණා. දුරකථනයෙන් කතා කළේ ඇය දන්නා හඳුනන අයකු නම් නොවෙයි. ඒ වුණත්, කොයිනා මේ නාඳුනන තැනැත්තා එක්ක මොහොතක් කතා කළා. ඇය සිතුවේ රසිකයකු කියලයි. නමුත්, තවත් වචන දෙක තුනක් කතා කරද්දී ඇයට වැටහුණා, ‘වෙනත් වර්ගයක’ රසිකයකු බව. ඔහු ඇගෙන් ඉල්ලා සිටියේ ඔහුව හමුවන්නට පැමිණෙන ලෙසයි. ඒ වෙනුවෙන් ඇයට විශාල මුදලක් ගෙවීමට සූදානම් බවත් මේ පුද්ගලයා පැවසුවා. කොයිනා, වහාම ඇමතුම විසන්ධි කළා.

ඉන් පසුව යළිත් දුරකථනය නාද වුවත් ඇය එයට ප්‍රතිචාර දැක්වූයේ නැහැ. මේ අයුරින් දවස් කිහිපයක්ම ගෙවී ගියා. ඒ සෑම දිනයකම නාඳුනන අංකවලින් දුර ඇමතුම් ලැබෙන්නට පටන්ගත්තා. මෙවැනි දුර ඇමතුම් 40ත් 50ත් අතර ප්‍රමාණයක් ලැබුණු බවයි, කොයිනා පැවසුවේ. මේ කිසිදු ඇමතුමකට ඇය ප්‍රතිචාර දැක්වූයේ නැහැ. නමුත් එක්තරා දිනයකදී එවැනි නුහුරු අංකයකට ඇය ප්‍රතිචාර දැක්වූයේ අමතක වීමකින්. ඒ මොහොතේ දුර ඇමතුම දුන් පුද්ගලයා කොයිනාගෙන් ඉල්ලා සිටියේ තමන් සමඟ රැයක් ගත කිරීමට පැමිණෙන ලෙසයි. ඒ වෙනුවෙන් විශාල මුදලක් ගෙවන බවත් පැවසුණා. ‘තත්ත්වය දරුණු අතට හැරී ඇති බව කොයිනා තේරුම් ගත්තා. ඇය වහාම ළඟම තිබෙන පොලිස් ස්ථානයට මේ ගැන පැමිණිලි කළා. මේ වන විට පොලිස් පරීක්ෂණ සිදු කෙරෙන බවයි ආරංචි.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »