Home / බොලිවුඩ් ගොසිප් / ඡායාරූපයක් නිසා රාධිකා කෝපවෙයි‍

ඡායාරූපයක් නිසා රාධිකා කෝපවෙයි‍

2017-08-10 09:27:00       704
feature-top
රාධිකා අප්ටේ ආන්දෝලනාත්මක පුවත් මවන්නියක හැටියට හැඳින්වූවාට වරදක් නැහැ. ඇය නිතර ම කෝප වන නිසා බොහෝ දෙනාගේ අවධානය ඇය වෙත යොමුවනවා. තමන් අවට සිටින සමහරුන්ගේ වැඩ කටයුතු හේතුවෙන් කේන්ති ගැනීම රාධිකා ගේ ස්වභාවය වුවත් එය ඇගේ වෘත්තී්‍ය ජීවිතයට එකතු කරන්නේ අවැඩක්. විශේෂයෙන් ම ඡායාරූප ශිල්පීන් නිසා.

එකිනෙකා පරයමින් ඡායාරූප ගැනීමට පොරබදන කැමරා ශිල්පීන් බොලිවුඩ්පුරය තුළ සිටින බව රාධිකා මෙන් ම අනෙකුත් ප්‍රවීණ නළු නිළියන් ද දන්නවා. මේ තරගකාරිත්වය නිසා නළු නිළියන්ගේ පෞද්ගලිකත්වයට සිදුවන්නේ දැඩි හානියක්. ;

ජනප්‍රිය නිළි කට්රිනාට අත්විඳින්නට සිදු වූ එක්තරා අමිහිරි සිද්ධියක් මෙයට සාක්ෂි දරනවා. ‘අයිෆා’ ජගත් සිනමා උලෙළට සම්බන්ධ මාධ්‍ය හමුවකට ඇය එක්වී සිටිද්දීයි, මෙය සිදුවුණේ, කට්රිනා පුටුවක වාඩිවී සිටි ඉරියව්ව මඳක් වෙනස් වී ඇත්තේ ඇයට නොදැනීම. එහිදී බැරිවීමකින් ඇගේ යට ඇඳුමක් යාන්තමින් දිස්වූ විට එය කැමරා කරුවන්ගේ ග්‍රහණයට ලක්වෙලා. මේ ඡායාරූපය මාධ්‍යවල පළවූ විට කට්රිනා දැඩි අපහසුවකට පත්වුණා.

මෙයට සමාන දෙයක් තමයි රාධිකාටත් සිදුවුණේ. පසුගියදා ඇය මුම්බායි නුවර එක්තරා තැනක චිත්‍රපට රූගත කිරීමකට එක්වී සිටියා. චිත්‍රපටයේ නම, ‘බසාර්’. දිවා විවේකයේදී ඇය ආහාර ගත්තේ නළු නිළියන්ගේ වේශනිරූපණ කටයුතු කරන වෑන් රථය තුළයි. දිවා ආහාරය ගත් රාධිකා වෑන් රථයෙන් පිටතට පැමිණියේ කිසිම ලෑස්තියක් නැතිවයි. හැඳ සිටි ඇඳුමත් එහෙ මෙහෙ වෙලා තිබුණා.

මේ මොහොතේ එහි රැඳී සිටි ඡායාරූප ශිල්පීණ් ඇගේ රුව කැමරාවලට හසුකර ගත්තේ ඉවත් බවක් නැතිවයි. මෙයින් දැඩි කෝපයට පත් රාධිකා, ඡායාරූප ශිල්පීන්ට බැණ වැදුණා. ඇගේ වාග් ප්‍රහාරවල තිබුණේ දැඩි උණුසුම් බවක්. ඇය ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ වහාම ඒ ඡායාරූප මකා දමන ලෙසයි. ඇය, ඔවුන්ට නියෝග කළාය කිව්වොත් නිවැරැදියි.

අසරණ ඡායාරූප ශිල්පීන්ට වෙන කරන්නට දෙයක් ඉතුරු වුණේ නැහැ. ඔවුන් ඇගේ අණට කීකරු වී ඒ ඡායාරූප ඇය ඉදිරියේ ම මකා දැමුවා.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »