Home / බොලිවුඩ් ගොසිප් / වාරණයට පෙර අනුරාගය කෙටි වෙයි


වාරණයට පෙර අනුරාගය කෙටි වෙයි


2017-08-09 09:58:00       702
feature-top
චිත්‍රපට අධ්‍යක්ෂවරුන් නිතර ම උත්සාහ ගන්නේ තමන් නිර්මාණය කළ චිත්‍රපටයේ ඇතුළත් වන දර්ශන වාරණයට හසු නොවී ප්‍රදර්ශනය කරන්නයි.

චිත්‍රපටයේ ඇතුළත් වන දර්ශන දෙක තුනක්, එහෙමත් නැත්නම් කිහිපයක් යම් හේතුවක් නිසා කැපී ගියොත් සිනමාකරුවා සහ වාරණ මණ්ඩලය අතර ඇති වන්නේ ගැටුමක්.

මෙවැනි ගැටුම් ඇතිකරගන්නට අකැමැති සිනමාකරුවෙකු තමයි, මිලාන් ලුත්රියා. ඔහුගේ අලුත් ම චිත්‍රපටය ‘බාඩ්ෂා හෝ’. මේ සිනමා නිර්මාණයේ එක් තැනක ඇතුළත් වන ගීතමය ජවනිකාවක් කෙටි කිරීමට ඔහු කටයුතු කර තිබෙනවා. එය, පෙම්වතුන් යුවළකගේ අනුරාගී රංගන විලාසයන් විනාඩි 10 ක් පුරා දිවයන දර්ශනයක් නිසයි, ඔහු ඒ තීරණයට එළඹී ඇත්තේ. මේ දර්ශනයේ රඟන්නේ ඉලීනා ඩි කෲස් සහ අ‍ෙජ් දේව්ගන්. අධ්‍යක්ෂ මිලාන් ලුත්රියා පැවසුවේ මේ දර්ශන පෙළ නිර්මාණය කළේ තමන් වුවත් පසුව එහි ධාවන කාලය කප්පාදු කරන්නට තමන් ම තීරණය කළ බවයි.

“අජේ සහ ඉලිනා රඟපාන ඒ ජවනිකාව ඉතාම සෞන්දර්යාත්මකයි. ඒක, චිත්‍රපටයේ කතා තේමාවට උචිතයි. ඒ වගේ ම කතාවට තීරණාත්මකව බලපාන දර්ශනයක්. නමුත්, මිලාන් ඒක කෙටි කරලා. එයා එහෙම කළේ, සම්පූර්ණ දර්ශනය ම පෙන්නුවොත් වාරණ මණ්ඩලය නොයෙකුත් ප්‍රශ්න මතු කරාවි කියලලු. එයාට ඔවුන් එක්ක ප්‍රශ්න ඇති කර ගන්න අවශ්‍ය නැතිලු.” මිලාන් ගේ ස්වයං වාරණය ගැන අදහස් දැක්වූ ‘බාඩ්ෂා හෝ’ චිත්‍රපටයේ ශිල්පියකු එලෙස පැවසුවා.

අජේ සහ ඉලීනා ජවනිකාව නිරූපණය කරද්දී පසුබිමෙන් ඇසෙන ගීතය දැනටමත් නිකුත් වී තිබෙනවා.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »