Home / බොලිවුඩ් ගොසිප් / ශාරුක්ට, ගෞරීට, ජුහී ට චෝදනාවක්

ශාරුක්ට, ගෞරීට, ජුහී ට චෝදනාවක්

2017-08-08 10:34:00       700
feature-top
කොල්කටා නයිට් රයිඩර්ස් ක්‍රිකට් කණ්ඩායම ගැන කියැවෙද්දී කාටත් සිහිපත් වන්නේ බොලිවුඩ් සුපිරි තරුව, ශාරුක් ඛාන්වයි. ඉන්ඩියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන මේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන හිමිකරුවා වන්නේ ශාරුක්. ඔහු සමඟ බිරිය ගෞරී ඛාන් සහ ජනප්‍රිය නිළි ජූහි චව්ලා ද කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සම අයිතිකාරත්වය දරනවා.

මේ තුන්දෙනාට ම ඉන්දීය රජයේ මූල්‍ය ආයතනයක ඉහළ කළමනාකාරිත්වය දන්වා ඇත්තේ අගෝස්තු 23 දා ඔවුන් හමුවේ පෙනී සිටින ලෙසයි. ඒ, ඔවුන් තිදෙනාට එරෙහිව නැගී ඇති චෝදනාවක් විභාග කරන්නයි. ඉන්දීය විදේශ විනිමය කළමනාකරණ පනතෙහි විධිවිධානයන් උල්ලංඝනය කළ බවටයි ශාරුක්, ගෞරී සහ ජූහිට නැගී ඇති චෝදනාවල සඳහන් වන්නේ. මේ කටයුතු මෙහෙයවන විශේෂ අධ්‍යක්ෂවරයකු වන විනීත් අගර්වාල් විසින් ශාරුක්, ගෞරී යුවළ සහ කොල්කටා නයිට් රයිඩර්ස් පිල පිළිබඳව කරුණු විමර්ශනය කිරීමට නියමිතයි. එසේම, ජූහි චව්ලා පිළිබඳ පරීක්ෂණ කටයුතු වෙනමම සිදු කෙරෙන බවත් පැවසෙනවා.

2009 දී කොල්කටා නයිට් රයිඩර්ස් හි අයිතිකරුවන් ඔවුන් සතු ‍කොටස්, අඩු මිල ගණන්වලට මුරුසියේ පිහිටි සී අයිලන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමට අලෙවි කළැයිද පැවසෙනවා. මේ සමාගමේ අයිතිකරුවා වන්නේ ජූහි ගේ සැමියා වන ප්‍රසිද්ධ ව්‍යාපාරික ජායිමේතායි. මේ ගනුදෙනුවෙන් ඉන්දීය රජයට රුපියල් කෝටි 73.6 ක පාඩුවක් සිදුවී ඇති බවයි පැවසෙන්නේ.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »