Home / බොලිවුඩ් ගොසිප් / අනිල්ගෙන් විලාසිතා අභියෝගයක්


අනිල්ගෙන් විලාසිතා අභියෝගයක්


2017-06-09 10:07:00       818
feature-top
අනිල් කපූර් පසුගිය දවසක නව පරපුරට අභියෝගයක් එල්ල කළා. ඔහු නව පරපුරෙන් තෝරාගත් තම ඥාති පුත්‍ර අර්ජුන් කපූර් සමඟින් රන්වීර් සිං සහ වරුන් ධවාන්හට තමයි මේ අභියෝගය භාර දුන්නේ. අනිල් කියන්නේ, තමන් විලාසිතා සීමාවන් පසු කළේ මෙම නව පරපුරේ අයට වඩා සෑහෙන කාලයකට පෙරදී බවයි. අනිල් එහෙම කියන්නේ තමන්ගේ පැරණි ඡායාරූපයක්ද තම ට්විටර් පිටුවට එක් කරමින්.

හැබැයි රන්වීර් නම් දැන් ටිකක් අමුතු ඇඳුම් අඳීන බව අනිල් පවසනවා. වරුන් සහ අර්ජුන් කෙතරම් දුරට එය ඉටු කරාවිද යන්න අනිල්ගේ බලාපොරොත්තුවයි. හැබැයි අනිල් හිතන විදියට නම් පළමුවෙන්ම මේ විලාසිතා අභියෝගය භාර ගන්නේ රන්වීර්. අර්ජුන් කපූර් තම බාප්පා වන අනිල් කපූර් සමඟින් සිනමා නිර්මාණයකටත් එක් වී සිටිනවා. ර්භඡචපචඬචද නම් වූ එහි ආත්‍යා ෂෙට්ටි සහ ඉලේනි ඩී කෘස් රංගනයෙන් දායක වෙනවා.

Wmqgd .ekSu iriúh mqj;a m; weiqfrks

More News »