Home / බොලිවුඩ් ගොසිප් / සායිෆ්ගෙන් ඉතුරු නඩත්තුව ඉල්ලයි

සායිෆ්ගෙන් ඉතුරු නඩත්තුව ඉල්ලයි

2017-06-07 09:29:00       819
feature-top
“මම ශාරුක් වගේ පොහොසතෙක් නෙමෙයි.” මෙහෙම කියන්නෙ ජනප්‍රිය නළු සායිෆ් අලි ඛාන්. ඔහුට මෙලෙස කියන්නට සිදු වුණේ තම පළමු බිරිය වූ ජනප්‍රිය නිළියකව සිටි අම්රිතා සිං විසින් යළි නඩත්තු මුදල් ඉල්ලා සිටි මොහොතකයි. 1991 දී අම්රිතා සිං ව විවාහ කරගත් සායිෆ් දරු දෙදෙනකුගේ පියෙකුව සිටිද්දී 2004 දී අම්රිතාව අතහැර ගියා. ඔහු, රෝසා කැටලනෝ නම්වූ නිරූපිකාවක සමඟ පෙමින් බැඳී ඇය සමඟ ටික කාලයක් ජීවත් වුණා. ඉන් පසුව ඇයව අතහැර දැමූ සායිෆ්, ජනප්‍රිය නිළි කරීනා කපූර්ව විවාහ කරගත්තා. ඒ, අම්රිතා සිං ගෙන් නීත්‍යනුකූලව වෙන්වූ පසුවයි.

අම්රිතාට සහ තම දියණියටත් පුත්‍රයාටත් රු. කෝටි පහක නඩත්තු මුදලක් ගෙවීමේ එකඟත්වයක් ද සායිෆ් මේ වෙන්වීමේදී ඇතිකරගෙන තිබෙනවා. සායිෆ් මේ වනතුරු ගෙවා ඇත්තේ එයින් රු. කෝටි 2.5 ක මුදලක් පමණයි. තම පුත්‍රයාගේ වයස අවුරුදු 18 වන තුරු මාසයකට රු. ලක්ෂය බැගින් ගෙවීමටත් ඔහු පොරොන්දු වී තිබෙනවා.

පසුගියදා අම්රිතා නැවතත් සායිෆ්ට දැනුම් දී ඇත්තේ ඉතිරි නඩත්තු මුදල ඉක්මණින්ම තමන්ට ලැබෙන්නට සලස්වන ලෙසයි. ඉන්දීය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු මේ ගැන සායිෆ් ගෙන් විමසූ විට ඔහු කීවේ තමන් ශාරුක් ඛාන් වැනි පොහොසතෙකු නොවන බවයි.

“මම චිත්‍රපටවලින්, වෙළෙඳ දැන්වීම්වලින්, වේදිකා ප්‍රසංගවලින් හම්බ කරන සල්ලි මගේ දරුවන්ට ගෙවනවා. අපේ බංගලාව අම්රිතාටයි දරුවන්ටයි අයිති. මම ආවට පස්සෙ අම්රිතාගෙ නෑයොත් දැන් ඇවිත්. ඒකට කමක් නැහැ.” සායිෆ් සන්සුන්ව පැවසුවා.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »