Home / බොලිවුඩ් ගොසිප් / රිතික්ගෙන් සුසෑන්ට නිවසක්


රිතික්ගෙන් සුසෑන්ට නිවසක්


2017-06-06 10:02:00       819
feature-top
රිතික් - සුසෑන් යුවළගේ විවාහ ජීවිතය කෙළවර වීම රසික රසිකාවන්ගේ කනස්සල්ලට හේතු වුණා. බොලිවුඩ්පුරයම කළඹාලූ ඒ සිදුවීම බොහෝ දෙනකුගේ මතකයෙන් ඈත්වෙද්දී මීට මාස කිහිපයක පටන් වරින් වර ආරංචි පැතිරී ගියේ රිතික් රෝෂන් සහ සුසෑන් ඛාන් යළි හමුවන බවයි.

එක් අවස්ථාවකදී ඔවුන් දෙදෙනා දරුවන් දෙදෙනා ද කැටුව විනෝද ගමනක් ගිය බවක් ආරංචි වුණා. තවත් විටෙකදී දැනගන්නට ලැබුණේ රිතික් සහ සුසෑන් සුපිරි හෝටලයක රාත්‍රී ආහාරය ගනිමින් සිටි බවයි. කවුරුත් මේ ගැන විපරම් කළා. නමුත් ඒ සිදුවීම එතැනින් නිම වුණා. එය යළිත් යටපත්ව ගියා.

පසුගිය සතියේ බොලිවුඩ් මාධ්‍යයක් යළි වාර්තා කර තිබුණේ රිතික් සහ සුසෑන් නැවතත් රාත්‍රී භෝජනය ගැනීමට සුපිරි හෝටලයකදී හමු වූ බවයි. මේ සුන්දර හමුවට දෙදෙනාගේ දරුවන් දෙදෙනා වන එකොළොස් හැවිරිදි රෙහාන් සහ නව හැවිරිදි රෙදාන් ද එක්වූ බවයි ආරංචි. මේ නැවත හමුවීම්වල ප්‍රතිඵලයක් ලෙසින්දෝ රිතික් තවත් පියවර කිහිපයක් ඉදිරියට තබලා. ඔහු, ජුහු ප්‍රදේශයෙන් නිවසක් මිලදී ගෙන තිබෙනවා. වෙන කාට ද? සුසෑන් සහ දරු දෙදෙනා වෙනුවෙන්. මේ නිවස පිහිටා ඇත්තේ රිතික්ගේ නිවසේ සිට විනාඩි 15කින් ළඟාවිය හැකි දුරකින්. රිතික්ගේ සහ සුසෑන්ගේ දෙමවුපියන්ගේ නිවෙස් පිහිටා ඇත්තේත් මේ නව නිවසට ආසන්නයේමයි.

රිතික්, සුසෑන්ගෙන් නීත්‍යනුකූලව වෙන්වී සිටියත්, ඔහු ඇය සහ දරුවන් වෙනුවෙන් මෙවැනි කැප කිරීම් කරන්නේ කැඩුණු දීගය යළි යා කරන්නටදැයි සමහරු විමසන්නේ සතුටින්. නමුත් රිතික් පවසන්නේ එවැන්නක් සිදු නොවන බවයි. “මමවත් සුසෑන්වත් එහෙම අදහසකින් නෙමෙයි, මේ දේවල් කරන්නෙ. මේ අපි දෙන්නගෙ හැටි.” ඔහු ගේ මේ කතාවෙහි ඇත්ත නැත්ත තහවුරු වෙන්නේ තවත් මාස කිහිපයක් ගතවීමෙන් පසුවයි.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »