Home / බොලිවුඩ් ගොසිප් / රැජ්නි කාන්ත්ට අවවාදයක්

රැජ්නි කාන්ත්ට අවවාදයක්

2017-06-05 11:10:00       818
feature-top
සුපිරි තරුව රැජ්නි කාන්ත් දේශපාලන ලෝකයට පිවිසෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව පසුගිය සති දෙක තුන තිස්සේ නොයෙකුත් පුවත් මතු වුණා. ඒ ආරංචිවල උණුසුම පහව යන්නටත් කලින් රැජ්නි කාන්ත්ට අවවාදාත්මක ලිපියක් ලැබී ඇති බව බොලිවුඩ්පුරයෙන් වාර්තා වෙනවා.

මේ ලිපිය ඔහුට ලැබී ඇත්තේ ඉන්දියාවේ පාතාල ලෝකයේ නායකයකු වූ හජ් මස්තාන්ගේ පුත්‍රයාගෙන්. සුන්දර් ශේඛර් නම් වූ ඔහු රැජ්නි කාන්ත්ට ලිපියක් ලියමින් අවවාදාත්මකව දන්වා ඇත්තේ තම පියා පිළිබඳව නිර්මාණය වීමට නියමිතව තිබෙන චිත්‍රපටයෙහි වැරැදි අරුතක් ජනිත වන පරිදි රඟපෑමෙන් වළකින ලෙසයි. මේ වනතුරු නමක් යොදා නොමැති මෙම චිත්‍රපටයෙහි හජ් මස්තාන්ගේ චරිතය රඟපෑමට තෝරාගෙන සිටින්නේ රැජ්නි කාන්ත්. පාතාල නායකයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි හාජ්ගේ චරිතය නිරූපණයේදී ඔහුගේ සැබෑ පෞද්ගලික ජීවිතයේ සිදුවීම් ද මෙමඟින් ඉස්මතු වනු ඇතැයි පැවසුණා. මේ බව දැනගත් සුන්දර් ශේඛර් එම රංගනයට එරෙහිව වහාම නීතිමය පියවර ගැනී‍මට ද කටයුතු කළා.

“මගේ තාත්තා මංකොල්ල කාරයෙක්, පාතාල නායකයෙක් විදිහට නිරූපණය කිරිම තාත්තගේ හොඳ නම කැළැල් කිරීමක්. තාත්තා කවදාවත් ඒ වගේ අයුතු වැඩ කරලා කිසිම උසාවියකින් වරදකාරයෙක් වෙලා නැහැ.” හජ් මස්තාන්ගේ පුත්‍රයා ‍එලෙස පැවසුවා. ඔහුට අනුව නම් තම පියා ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කළ සමාජ සේවා කටයුතුවල ද නියැළී සිටි අයෙක්.

සුන්දර් ශේඛර් තව දුරටත් පවසන්නේ තම පියාගේ හොඳ නම රැකෙන අයුරින් මේ චිත්‍රපටය නිර්මාණය වන්නේ නම් එහි නිෂ්පාදන කටයුතුවලට සහයෝගය දීමට කැමැති බවයි.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »