Home / බොලිවුඩ් ගොසිප් / රන්බීර් - කත්‍රිනා නැවතත්


රන්බීර් - කත්‍රිනා නැවතත්


2017-06-02 10:57:00       824
feature-top
කත්‍රිනා කයිෆ් සහ රන්බීර් කපූර් කාලයක් බොලිවුඩයේ ජනප්‍රිය පෙම්වතුන් යුවළක්. 2009 වසරේදී Ajab Prem Ki Ghazab Kahani චිත්‍රපටය රංගනයෙන් පසුව ඇති වූ මේ ආදර කතාව 2016 වසරේදී නිමාවට පත් වී ඇති බව ඔවුන් නිවේදනය කළා. එයින් පසුව මේ දෙදෙනා හමුවන අවස්ථා දකින්න නොලැබුණු තරම්. ඇතැම් තැන්වලදී දෙදෙනාම එකිනෙකා මඟ හරින බව තමයි ආරංචි වුණේ.

කොහොම වුණත් ඔන්න දැන් මේ දෙදෙනාම එකට බලා ගන්න අවස්ථාවක් උදා වෙන්න නියමිතයි. ඒ ලබන ජූලි මාසයේදී තිරගත කෙරන Jagga Jasoos චිත්‍රපටය නිසා. Jagga Jasoos කත්‍රිනා - රන්බීර් එක්ව රඟන තෙවන චිත්‍රපටය යි. Ajab Prem Ki Ghazab Kahani චිත්‍රපටයෙන් පසුව Raajneeti  චිත්‍රපටයේ චරිත නිරූපණයට මේ දෙදෙනා දායක වුණා.

සංගීතමය, ප්‍රේමණීය හාස්‍ය රැගත් චිත්‍රපටයක් වන Jagga Jasoos අධ්‍යක්ෂණය කළේ අනුරාග් බාසු විසින්. මෙය බ්‍රිතාන්‍ය ලේඛිතා ඉනිඩ් බ්ලයිටන්ගේ කතාවක් පාදක කරගෙන නිර්මාණය කෙරුණක් බවත් ආරංචියි. එහි පෝස්ටරය කත්‍රිනා විසින් පසුගිය දවසක තම ට්විටර් පිටුවට ඇතුළත් කළා. ඒක හරියට පොතක කවරයක් වගේ කියලයි හැමෝම පවසන්නේ.

Jagga Jasoos හි රන්බීර්ගේ රංගනය අනුරාග් බාසු අධ්‍යක්ෂණය කළ Barfi චිත්‍රපටයේ රන්බීර් කළ රංගනය වගේ කියලාත් ආරංචියි. හැබැයි චිත්‍රපට දෙකේ කතාව වගේම පසුතලයත් වෙනස්. Jagga Jasoos තිරගත වෙන්නේ ජූලි 14 වැනිදා. කත්‍රිනාගේ උපන්දිනය යෙදි තියෙන්නේ ජූලි 16 වැනිදා. ඇය තම ට්විටර් පිටුවේ ඒ ගැනත් සඳහන් කරලා.

Wmqgd .ekSu iriúh mqj;a m; weiqfrks

More News »