Home / බොලිවුඩ් ගොසිප් / සෝනුට කේන්ති ගිහින්


සෝනුට කේන්ති ගිහින්


2017-06-01 11:04:00       824
feature-top
පසුබිම් ගායකයකු මෙන්ම ව්‍යාපාරිකයකුද වන අභිජිත් භට්ටාචාර්යගේ ට්විටර් ගිණුම පසුගියදා අක්‍රිය කර තිබෙනවා. එයට හේතුව ඔහුගේ ට්විටර් පිටුවේ අසභ්‍ය සහ ප්‍රචණ්ඩකාරි වචන භාවිත කිරීමයි.

හැබැයි මේ නිසා අභිජිත්ට වඩා වෙන කෙනෙකුට හොඳටම කේන්ති ගිහින්. ඔහු සෝනු නිගම්. සෝනුත් මේ නිසා තමන්ගේ ට්විටර් පිටුව අක්‍රිය කරන්න තීරණය කරලා. ට්විටර්හි සමබරතාවයක් නැහැ කියලා සෝනු කියනවා. එය ඒකපාර්ශ්වික බවට ඔහු චෝදනා කරනවා. හැබැයි මීට පෙර සෝනුත් පසුගිය මාසයේ ට්විටර් සමඟින් ආරවුලක් ඇතිකර ගෙන තිබුණා.

අභිජිත් ට්විටර් එකෙන් ඉවත් කළාට පසුව එයට එකඟ අය සහ එකඟ නොවන අය තවත් අලුත් පිටු ආරම්භ කරලා තම තමන්ගේ මත ප්‍රකාශ කරන්න පටන් අරන්. ඇතැමුන් නම් කියන්නේ වාචාල ගායකයාට තමා සිටිනා තැන ට්විටර් විසින් පෙන්වාදී තිබෙන බවයි. සෝනු නම් කියන්නේ මෙහෙම චෝදනා කරන්නේ නම් ට්විටර් විසින් සියයට 90ක් පමණ ගිණුම් අවලංගු කළ යුතු බවයි.

Wmqgd .ekSu iriúh mqj;a m; weiqfrks

More News »