Home / බොලිවුඩ් ගොසිප් / රාහුල් රෝයි නැවතත්


රාහුල් රෝයි නැවතත්


2017-05-30 09:25:00       824
feature-top
අනූව දශකයේදී ජනප්‍රියත්වයට පත්ව සිටි රාහුල් රෝයි ඔබට මතක ද? 1990 දී තිරගත වූ ‘ආෂික්වි’ චිත්‍රපටයේ රංගනයෙන් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ඔහු, පසුගිය කාලයේ සිනමා රංගනයට එක්ව සිටියේ නැහැ. නළුවකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරයකු ලෙස ද ඉදිරියට ගමන් කළ රාහුල්, නැවතත් බොලිවුඩ් සිනමාවට පිවිසෙන්නටයි සූදානම් වෙමින් සිටින්නේ.

“මම ටික කාලයක් ඉන්දියාවෙ හිටියෙ නැහැ. අවුරුදු නවයක්ම ඔස්ට්‍රේලියාවෙ හිටියා. 2015 දී මම තීරණය කළා ආපහු මගේ රටට ඇවිත් ප්‍රයෝජනවත් දෙයක් කරන්න. මට දැන් හිතෙන්නෙ සිනමාව වෙනුවෙන් මෙතෙක් මගෙන් ලැබුණු දායකත්වයට වඩා වැඩිමනත් දෙයක් දෙන්න ඕනෙ කියලයි.” රාහුල් මාධ්‍යයන් අමතමින් කියා සිටියා. ඉතින්, රාහුල් මොනවද බොලිවුඩ් සිනමාව වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙන්නෙ? “මම දැන් චිත්‍රපටයක් නිෂ්පාදනය කරමින් ඉන්නවා. චිත්‍රපටයේ නම තමයි, ‘ද මැසේජ්’. දැනටමත් මෙහි ගීත පටිගත කර තියෙන්නෙ. ළඟදීම ඒ ගීත එළිදැක්වේවි. මේ චිත්‍රපටය මම කාලයක් තිස්ස හිතාගෙන හිටපු දෙයක්. මේ දවස්වල ‘වෙල්කම් ටු රෂියා’ කියල චිත්‍රපටයක රූගත කිරීම් කටයුතුත් රුසියාවේදී සිදු වෙනවා.” රාහුල් දැඩි සතුටකින් කීවා.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »