Home / බොලිවුඩ් ගොසිප් / මැකී ගිය රන්බීර් නම යළි මතුවෙයි


මැකී ගිය රන්බීර් නම යළි මතුවෙයි


2017-05-29 11:10:00       818
feature-top
සුරූපී ළඳකගේ ගෙල පෙදෙස ලස්සන වන්නේ රන් මාලයකින්. නමුත්, දීපිකා පදුකෝන් තම ගෙල පිටුපස ලස්සන කරගන්න හිතාගත්තේ වෙනත් ක්‍රමයකින්. හදවතට සමීප වුණු පෙම්වතාගේ නම සිතුවම් කරගෙන තමයි මේ සුපිරි නිළිය එලෙස ආකර්ෂණය දිනාගන්න වෑයම් කළේ.

දීපිකාගේ පෙම්වතා ජනප්‍රිය නළු රන්බීර් කපූර් බව රහසක් නොවෙයි. මේ පෙම්වතුන් දෙදෙනා ගැන විවිධාකාර පුවත් පසුගිය මාස ගණනාව තිස්සේ ඉන්දීය මාධ්‍යවල පළ වුණා. ඒ අතරින් කැපී පෙනුණේ රන්බීර්ගේ නම දීපිකාගේ ගෙල පිටුපස පච්චයක් ලෙසින් සිතුවම් කළ පුවතයි.

ඒත්, මෑතකදී එක්තරා සබන් වර්ගයක් වෙනුවෙන් නිර්මිත වෙළෙඳ දැන්වීමක පෙනී සිටි දීපිකාගේ සිරුර දිස් වූයේ ‘රන්බීර් පච්චය’ නොමැතිවයි. බංග්ලාදේශයේ රූපවාහිනී නාළිකාවක විකාශය වූ මේ සබන් දැන්වීම දුටු බොහෝ දෙනකු ප්‍රකාශ කළේ දීපිකා එය මකා දමා ඇති බවයි. සමහර අය කීවේ වෙළෙඳ දැන්වීම රූගත කරද්දී එම පච්චය නොපෙනෙන ලෙස කිසියම් දෙයක් ආලේප කර ඇති බවයි. තවත් සමහරු කීවේ එය පරිගණක තාක්ෂණික උපක්‍රමයකින් ඉවත් කර ඇති බවයි.

කොහොම වෙතත් මෙහි ඇත්ත නැත්ත දැනගන්නට උනන්දු වූ මාධ්‍යවේදීන් පිරිසක් දීපිකාගෙන් ප්‍රශ්න කළ විට ඇය තරමක නුරුස්සනා ගතියකින් පෙරළා ප්‍රශ්න කළේ, ‘ඒ ගැන දැනගන්න ඕනෙම ද?’ කියලයි. රන්බීර්ගෙන් මේ ගැන විමසූ විට ඔහු කීවේ...

‘ඒක තියාගන්නවද නැද්ද කියන එක දීපිකාගෙ වැඩක්. එයා දන්නව මොනවද කරන්න ඕනෙ කියලා.’ මීට පෙර 2014 දීත් ඇය මේ පච්චය ඉවත් කර සිසිල් බීම දැන්වීමකට පෙනී සිටි බවයි බොලිවුඩ් මාධ්‍ය පවසන්නේ.

මේ අයුරින් කතන්දර විසිරෙද්දී පසුගියදා පැවැති එක්තරා සාදයකට දීපිකා පැමිණ සිටියා. කවුරුත් ඈ දෙසට නෙත් යොමු කළා. විශේෂයෙන්ම, ඇගේ ගෙල පිටුපසට. කාටත් දැකගත හැකිවුණේ නොපෙනී ගිය රන්බීර් නාමය යළිත් එහි සටහන් වී ඇති අපූරුවයි. ඇය රන්බීර්ගේ නම මකා දමා නැහැ. වෙළෙඳ දැන්වීමට වෙස් ගන්වද්දී එය නොපෙනෙන ලෙස වසන් කර තිබුණු බවයි පසුව හෙළි වුණේ.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »