Home / බොලිවුඩ් ගොසිප් / ඓෂ් - දේව්දාස් සමඟින් කාන් උලෙළට
 



ඓෂ් - දේව්දාස් සමඟින් කාන් උලෙළට
 



2017-05-18 09:54:00       818
feature-top
කාන් සිනමා උලෙළ ඊයේ (මැයි 17) උත්කර්ෂවත් අයුරින් ආරම්භ වුණා. මෙවර පැවැත්වෙන 70 වැනි සම්මාන උලෙළට බොලිවුඩ් තරු කිහිපයකුත් ආරාධනා ලබා සිටිනවා. මේ අතරේ විශේෂ වෙන්නේ ඓෂ්වර්යා රායි බච්චන්. ඇය මෙවර සහභාගි වෙන්නේ දහසය වැනි වතාවටයි. මීට පෙර 2002 වසරේදී ඇය කාන් සිනමා උලෙළේ රතු පලස මත ප්‍රථමවරට පය තැබුවා.

එදා ඇය Devdas චිත්‍රපටය පිළිබඳ ඉදිරිපත් කිරීමකුත් කළා. Devdas ප්‍රධාන නළු ශාරුක් ඛාන් සහ අධ්‍යක්ෂ සංජේ ලීලා බන්සාලිත් එම අවස්ථාවට එක් වුණා. ඔවුන් එම පරිශ්‍රයට පැමිණයේ කුඩා අශ්ව කරත්තයකින්. ඒ ගැන ඓෂ්ට බොහොම ආඩම්බරයක් දැනෙන බව ඓෂ් පවසනවා. මෙවරත් ඇය Devdas චිත්‍රපටය පිළිබඳ ඉදිරිපත් කිරීමක් කරන්න නියමිතයි. පසුගිය වසරේ කාන් උලෙළේදී ඓෂ් Sarbjitචිත්‍රපටය ඉදිරිපත් කළා.

ඓෂ්ට අමතරව සෝනම් කපූර් සහ දීපිකා පදුකෝන් මෙවර කාන් උලෙළට සහභාගි වෙනවා. සෝනම් නම් අවස්ථා කිහිපයකම කාන් උලෙළට සහභාගි වී තිබුණද මෙය දීපිකා සහභාගි වන දෙවන ස්ථාවයි. දීපිකා මීට පෙර 2010 වසරේ පැවැති සම්මාන උලෙළට සහභාගි වුණා. හෙට සිට ලබන 28 වැනිදා දක්වා පැවැත්වෙන සම්මාන උලෙළේ ඓෂ් 19 සහ 20 වැනිදා සන්නාම තානාපතිනියක ලෙසින් රතු පලස මතින් ගමන් කරනු ඇති.

More News »