Home / බොලිවුඩ් ගොසිප් / සල්මන්ගේ රහස් පිටකරලා


සල්මන්ගේ රහස් පිටකරලා


2017-05-12 09:35:00       824
feature-top
සල්මන් ඛාන්, තමන් ළඟ සේවය කරන අයට සලකන්නේ මුළු හදවතින්මයි. ඔවුන්ට ඔහුගෙන් වේතනයක් ලැබුණත් ඔහු කිසි විටෙක දුරස්ව සිටි‍යේ නැත. ඔවුන් කෙරෙහි දැඩි විශ්වාසය තබමින් ඔවුන්ගේ දුක සැප විමසමින් සමීපව කටයුතු කළා.

සල්මන්ගේ කළමනාකාරිනිය ලෙස සේවය කරන්නේ රෙශ්මා ශෙට්ටි යි. ඇය, මේ සුපිරි රංගන ශිල්පියා යටතේ සේවය කරමින් සිටින්නේ දීර්ඝ කාලයක සිට. ඒ නිසා සල්මන් ඇගේ වැඩ කටයුතු ගැන දැඩි විශ්වාසයකින් සිටියා. නමුත් මෑතකදී ඇය අතින් සිදුවූ අතපසුවීම් කිහිපයක් නිසා සල්මන් තුළ ඇති වූයේ නොසතුටක්. තමන් ගේ රංගන වෘත්තියට අදාළ කටයුතු කිහිපයක් ම රෙශ්මා ශෙට්ටි ගේ වරදින් වෙනස් කරගන්නට සල්මන්ට සිදුවෙලා. සල්මන්ගේ බාල සොහොයුරු සොහේල් ඛාන් සහ සල්මන් එක්ව කර ගත යුතු යම් යම් වැඩ කටයුතු කිහිපයක් ම රෙශ්මා ගේ නොසැලකිල්ල නිසා ඇණ හිටලා. මෙයින් දැඩි කළකිරීමට පත් සල්මන්, වහාම ක්‍රියාත්මක වන පරිදි ඇය ව තම කළමනාකාර ධුරයෙන් ඉවත් කරලා. රෙශ්මා ශෙට්ටි ව එලෙස ඉවත් කර වැඩි දවසක් ගතවුණේ නැහැ. සල්මන්ට තවත් බරපතළ ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදුවුණා. ඔහුගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු රැසක් බාහිර පාර්ශ්වයන් අතට පත්වී ඇති බවක් දැනගන්නට ලැබිලා. මාධ්‍ය ලෝකයටත් මේ තොරතුරු කාන්දු වී ඇති බවයි, සල්මන්ට වැටහුණේ. කරුණු සොයා බලද්දී ඔහු සැකහැර දැන ගත්තේ මේ තොරතුරු හෙළිකර ඇත්තේ අන් කිසිවෙකු නොව, තමන් ළඟ සේවය කරන පෞද්ගලික ආරක්ෂකයන් තිදෙනෙකු බවයි. තමන් ගේ අතිශය පෞද්ගලික තොරතුරු පවා එලෙස පිටවී ඇති බවත් සල්මන් ‍තේරුම් ගත්තා. මෙයින් කෝපයට පත්වූ සල්මන් වහාම එම ආරක්ෂක නිලධාරීන්වත් සේවයෙන් ඉවත් කළ බවයි ආරංචි.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »