Home / බොලිවුඩ් ගොසිප් / මාධ්‍ය හමුවලට වෙනම නිවසක්


මාධ්‍ය හමුවලට වෙනම නිවසක්


2017-05-09 09:59:00       824
feature-top
‘බේ වොච්’ හොලිවුඩයේ ජනප්‍රිය ටෙලිකතා මාලාවක් ලෙසින් ලොව පුරා රසික ජනතාව හඳුනාගෙන සිටියා. දැන් එය චිත්‍රපටයක් ලෙස නිර්මාණය වෙලා. මෙය හොලිවුඩ් නිර්මාණයක් වුවත් එයට බොලිවුඩ්පුරයේ සුපිරි තාරකාවියක් ද එක්ව සිටින බව රහසක් ‍නොවෙයි. මේ තරුව තමයි, ප්‍රියංකා චොප්රා.

ඇය මෙතෙක් බොලිවුඩ් නළුවෙකු හෝ නිළියක නොකළ දෙයක් කරලා. ‘බේ වොච්’ චිත්‍රපටයේ ප්‍රචාරය වෙනුවෙන් ම මුම්බායි නගරයෙන් නිවසක් ඇය මිලදීගෙන තිබෙනවා. එහි එක් විශාල කාමරයක් මුළුමනින් ම වෙන්කර ඇත්තේ මාධ්‍ය සාකච්ඡා සහ අනෙකුත් සියලුම මාධ්‍ය කටයුතු වෙනුවෙන්. ‘බේ වොච්’ හි ප්‍රධාන චරිතයක් රඟපෑ ඩ්වේන් ජොන්සන් ද මෙහිදී මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා.

මෙහි පැවති මාධ්‍ය හමුවකදී ප්‍රියංකා පැවසුවේ ඇයට ‘බේ වොච්’ චිත්‍රපටයේ රඟන්නට ඉඩ ලැබුණේ ‘ක්වොන්ටිකෝ’ නම් වූ ඉංග්‍රීසි ටෙලි නාට්‍ය මාලාවේ රඟපෑම නිසා බවයි. ප්‍රියංකා ‘බේ වොච්’ හි නිරූපණය කරන්නේ දුෂ්ට චරිතයක්. “මම බොලිවුඩ් චිත්‍රපටවලත් මේ වගේ ‘කළු’ චරිත රඟපාලා තියෙනවා. නමුත්, ‘බේ වොච්’ චිත්‍රපටයේ මම රඟපාන්නෙ ඒවාට වඩා වෙනස් නපුරු චරිතයක්.” ප්‍රියංකා මාධ්‍ය හමුවේදී පැවසුවා.

මේ චිත්‍රපටය නිසා ප්‍රියංකාට ලැබුණු බොලිවුඩ් චිත්‍රපට තුනක රඟපෑමේ අවස්ථාව අහිමි වුණා. “මට අහිමි වූ මේ චිත්‍රපටිවල රඟපාන්න යනවද නැද්ද කියල හරියට ම කියන්න මට බැහැ. කොහොම වෙතත් මම බොලිවුඩ් චිත්‍රපටවල රඟපානවා. ‘මගේ ගෙදර’ ට (බොලිවුඩයට) මම ආයෙත් ආවා. මේක හරියට අපූරු ‘හෝම්කමිං’ එකක් වගෙයි.” ප්‍රියංකා සුපුරුදු සිනහව පාමින් කීවා.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »