Home / බොලිවුඩ් ගොසිප් / සොනාක්ෂිත් ගායිකාවක් ද?


සොනාක්ෂිත් ගායිකාවක් ද?


2017-05-08 09:22:00       824
feature-top
යෞවන පරපුරේ ප්‍රසාදය දිනාගත් ගායක, ජස්ටින් බීබර් ඉන්දියාවේ සංගීත සවාරියකට පැමිණෙන්නට නියමිතව තිබුණේ පෙබරවාරි 15 දා. මේ වන විට එය වෙනස් වෙලා. ඔහු ඉන්දීය ගීත ලෝලීන්ගේ මනදොල සපුරන්නට එන්නේ මැයි 10 දා බවයි අලුත් ආරංචිවල දැක්වෙන්නේ.

බීබර් සමඟ එකම වේදිකාවේ සිට ගී ගයන්න, නටන්න බොලිවුඩ් තරු රැසක් ම දැන්ම පෙළ ගැසී සිටිනවා. ඒ අතරින් දැඩි උනන්දුවක් දක්වන සුරූපී නිළියක් තමයි, සොනාක්ෂි සිංහ. ඇය පෙරුම්පුරමින් සිටින්නේ තමන් ගැයූ ගීයක් බීබර් සමඟ ගායනා කරන්නටයි. ඒත් සොනාක්ෂි ගේ මේ වෑයම බොලිවුඩ්පුර සංගීත අධ්‍යක්ෂවරුන් සහ ගායක ගායිකාවන්ගේ නොසතුටට හේතුවෙලා. මේ ගැන අදහස් දැක්වූ ගායක කයිලාශ් යෙර් පැවසුවේ මෙවැනි කටයුතු නිසා ඉන්දියාවෙන් ජාත්‍යන්තරයට යන්නේ වැරදි පණිවුඩයක් බවයි. “පිටරට මිනිස්සු හිතයි, සොනාක්ෂි සිංහ කියන්නෙ ඉන්දියාවෙ මහ ලොකු ගායිකාවක් කියලා. ඊට පස්සෙ එයාට ප්‍රසංගවලටත් ආරාධනා ලැබේවි. එතකොට එයාට කියන්න වේවි, ‘අනේ මම ගායිකාවක් නෙමෙයි, නිළියක්’ කියලා.” කයිලාශ් උපහාසාත්මකව පැවසුවා. කයිලාශ් ගේ අදහස අනුමත කරමින් ට්විටර් පණිවුඩයක් සටහන් කර තිබුණේ ජනප්‍රිය ගායක ආමන් මලික්. ඔහු මෙලෙස ප්‍රකාශ කර තිබුණා. “නළු නිළියන්ට තියෙන්නෙ රඟපාන්නයි. සින්දු කියන්න ඕනෙ ගායක ගායිකාවො. ප්‍රසංග වේදිකාවයි මයික් එකයි අපිට දෙන්න. මේක අපේ තැන. නළු නිළියන්ගෙ නෙමෙයි!”

සම්මුඛ සාකච්ඡාවකට එක්වූ කයිලාශ් ඛෙයර් පැවසුවේ ලෝක ප්‍රකට ගායකයෙකු හෝ ගායිකාවක ඉන්දියාවේ ප්‍රසංගයක් පවත්වන්නේ නම් ඔවුන් සමඟ වේදිකාවේ ගී ගායනා කළ යුත්තේ ඉන්දීය ගායක ගායිකාවන් බවයි. එසේ නොවුණහොත් විදේශිකයන් සිතන්නේ ඉන්දියාවේ ගායක ගායිකාවන් නැති බව යැයි ද ඔහු පැවසුවා. “නළුවෙක් හරි නිළියක් හරි එයාට සින්දු කියන්න පුළුවන් නම් ඇයි ඒකට බාධා කරන්නෙ?” විවේචනවලට ප්‍රතිචාර දක්වන සොනාක්ෂි, එලෙස විමසනවා.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »