Home / බොලිවුඩ් ගොසිප් / අයි. පී. එල්. සාදයේදී කයි කතන්දර

අයි. පී. එල්. සාදයේදී කයි කතන්දර

2017-05-03 10:20:00       824
feature-top
නැවුම් මල් කැකුළක් බඳු ජාන්වි කපූර් කාගේ කවුරුන්දැයි සිනමා රසිකයන් හඳුනනවා. ඇය බොලිවුඩ් තිරය ඔපවත් කළ ශ්‍රී දේවි සහ බොනී කපූර්ගේ වැඩිමල් දියණියයි. ජාන්වි, බොලිවුඩ්පුරයට පා තබන්නටත් පෙර බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තා.

විවිධ මාධ්‍යවල ‘ප්‍රධාන ශිර්ෂ පාඨයක්’ බවටත් පත්වුණා. ඇය රඟන කුලුඳුල් චිත්‍රපටය කුමක්දැයි අනුමාන කරමින් එක පැත්තකින් ඇගේ නම සඳහන් වුණා. ඇගේ ආදරවන්තයා කවුරුන්දැයි යනුවෙන් තවත් කතාබහකට මාධ්‍ය ලෝකය මුල පිරුවා. මේවා හුදු කටකතා මිසක සැබෑ ආරංචි නොවන බවයි, ටික කාලයක් ගත වෙද්දී කාටත් වැටහුණේ.

කොහොම වෙතත් මෑතකදී පැවැති සුපිරි සාදයක් නිසා ජාන්විට තවත් කටකතාවක් හැදිලා. මේ සාදය පැවැත්වුණේ ධනවතකු වන මුකේෂ් අම්බානිගේ නිවෙසේදියි. අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියට එක්වන මුම්බායි ඉන්ඩියන්ස් ක්‍රිකට් කණ්ඩායමේ දසවැනි සංවත්සරය වෙනුවෙන් පැවැති මේ සාදයට ජාන්විත් සහභාගි වුණා. ඇය අසලින් ම ශිඛාර් පහරියා නම්වූ තරුණයකු ද සිටි නිසා කටකතා පැතිරී ඇත්තේ මේ දෙදෙනා දැන් පෙම්වතුන් වී සිටින බවයි.

ඒත්, ශිඛාර් අසල සාරා නම්වූ යුවතියක ද සිටි නිසා මේ කතාව ඇත්තක්දැයි තවම තහවුරු වී නැහැ. සාරා, ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ගේ දියණියයි. ජනප්‍රිය නළු රන්වීර් සිංහ සහ සාරා අතර ද සමීප ඇසුරක් තිබෙන බවටත් පසුගිය දිනවල කටකතා පැතිරුණා. නමුත්, සචින් පවසන්නේ 19 වියැති තම දියණිය තවමත් අධ්‍යාපනය ලබමින් සිටිනවා විනා එවැනි සබඳකම්වලට හිත යොමුකර නැති බවයි.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »