Home / බොලිවුඩ් ගොසිප් / ‘භබි’ට නවාතැන් බැහැ

‘භබි’ට නවාතැන් බැහැ

2017-05-02 09:55:00       818
feature-top
ලෝකයේ කොයි මුල්ලකට ගියත්, දැන් බිපාෂා බාසු තනිවම යන්නෙ නැහැ. තමන්ගේ ආදර සැමියා, කරන් සිං ග්‍රෝවර් සමඟ තමයි ඇය යන්නෙ. දෙදෙනාගේ විවාහයෙන් පස්සෙ මේ බැඳීම් වැඩිවෙලා.

චිත්‍රපට රූගත කිරීමකට ගියත් බිපාෂා යන්නෙ සැමියා එක්කයි. ඔහුගේ රූගත කිරීමකටත් බිපාෂා නොවැරදීම යනවා. මේ එකමුතුකම, මේ සබැඳියාව ඇතැම් අයට කරදරයක් බවට පත්වූ අවස්ථාවනුත් නැතුවා නොවෙයි. මෑතකදී විදේශ රටවල් කිහිපයක පැවැත්වුණු ප්‍රසංග මාලාවන් රැසකට බිපාෂාට පමණක් ඇරයුම් ලැබී තිබුණත් ඇය ඒ ගමනට තම සැමියාවත් එක්කර ගත්තා.

ඉන් පසුව ඇය ප්‍රසංග සංවිධායකයන්ට දැනුම් දුන්නේ තමන්ට ලබා දෙන නවාතැන් පහසුකම් සැමියාට ද ලබාදෙන ලෙසයි. ඒ ඉල්ලීම නිසා සංවිධායකයන් සහ බිපාෂා අතර මතභේදකාරී තත්ත්වයක් ද ඇතිවුණා.

පසුගියදා තවත් එවැනිම දෙයක් සිදුවී තිබෙනවා. එය ද විදේශ ප්‍රසංගයක් හා සම්බන්ධ වූවක්. සල්මන් ඛාන්ගේ ‘ඩා - බාන්ග්’ නම්වූ ප්‍රසංග මාලාවට සහභාගි වීමට. බිපාෂාට ද ඇරයුමක් ලැබීමෙන් පසුවයි, මේ ප්‍රශ්නය ඇතිවුණේ.

එම ප්‍රසංගයට කැමැත්ත පළ කළ බිපාෂා, ඊළඟට සුපුරුදු ඉල්ලීම ඉදිරිපත් කළා. ඒ, තම සැමියාට ද විශේෂ නවාතැන් පහසුකම් සලසන ලෙසයි. නමුත් එවැනි පහසුකම් කරන් සිං ග්‍රෝවර්ට සැලසිය නොහැකි යැයි සංවිධායකයන් හැරෙන තැපෑලෙන්ම බිපාෂාට දන්වලා. ප්‍රසංග මාලාවට එක්වීමට කැමැති නම් තනිවම පැමිණෙන්නැයි බිපාෂාට ප්‍රසංග සංවිධායකයන් දන්වා තිබෙනවාලු.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »