Home / බොලිවුඩ් ගොසිප් / කරිස්මා - සන්ජේ තවත් දීග 2ක් දෙදරවයි

කරිස්මා - සන්ජේ තවත් දීග 2ක් දෙදරවයි

2017-04-29 09:45:00       824
feature-top
බොලිවුඩ්පුරයේ විවාහ ජීවිත කඩා වැටෙන සිදුවීම් පසුගිය කාලය පුරාම අහන්නට ලැබුණා. මේවා එක්තරා අන්දමක ඛේදවාචක ලෙස හැඳින්වූවත් වරදක් නැහැ. එවැනි අභාග්‍යයකට මුහුණ දී සිටින සුපිරි නිළියක් තමයි, කරිස්මා කපූර්. ඇය, 2003 දී සන්ජේ කපූර් නම්වූ ව්‍යාපාරිකයා සමඟ යුගදිවි ගමන් ඇරැඹුවා.

කෙටි කාලයකින්ම ඒ විවාහය අසාර්ථක බව කාටත් වැටහුණා. දරුවන් දෙදෙනකුගේ මවුපියන් වූ ඔවුන් දෙදෙනා ජීවත් වූයේ එක වහලක් යට නොවෙයි. පසුගිය සතියේ ඔවුන්ගේ විවාහය නිල වශයෙන් කෙළවර වූ වග ප්‍රකාශයට පත්වුණා.

කරිස්මාගෙන් වෙන්වූ සන්ජේ, ප්‍රියා සච්දේව් නම්වූ දීර්ඝ කාලයක් තමන් ඇසුරු කළ තැනැත්තිය සමඟ විවාහ වී තිබෙනවා. ඇය ඊට කලින් විවාහ වී සිටියේ ඉන්දීය - ඇමෙරිකානු හෝටල් ව්‍යාපාරිකයකු වූ වික්‍රම් චට්වාල් සමඟයි. ඔහුගෙන් වෙන්ව සිටි ප්‍රියා, සන්ජේගේ අත ගත්තේ නිහඬ විවාහ මංගල්‍යයකදී බවයි පැවසෙන්නේ.

සන්ජේගෙන් වෙන්ව ජීවත්වූ කාලයේදී කරිස්මා වෙනත් සබඳකමකට මුල පිරුවා. ඇය සමීප වී සිටියේ සන්දීප් ටොෂ්නිවාල් නම්වූ ව්‍යාපාරිකයාටයි. ඔහු ද තම විවාහ ජීවිතය අසාර්ථක කර ගත් අයෙක්. සන්දීප් විවාහ කරගෙන සිටියේ අශ්රිටා නම්වූ වෛද්‍යවරියයි. සන්දීප් සහ අශ්රිටා දරුවන් දෙදෙනකුගේ මවුපියන්.

සන්ජේ, අශ්රිටාගෙන් වෙන්වීමට උත්සාහ කළත් ඇය එයට ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා සන්දීප්ට කරිස්මාව නීත්‍යනුකූලව විවාහ කරගන්නට නොහැකි වුණා. නමුත් මෑතකදී අශ්රිටා, සන්දීප්ගෙන් නීත්‍යනුකූලව වෙන් වුණා.

ඒ අනුව අධිකරණයෙන් සන්දීප්ට නියම වුණේ අශ්රිටා වෙත රුපියල් කෝටි දෙකක් සහ දරු දෙදෙනාගෙන් එක් අයකුට රුපියල් කෝටි තුන බැගින් වන්දි ගෙවන ලෙසයි. අධිකරණයෙන් නැවත දන්වන තුරු දරුවන් දෙදෙනා අශ්රිටාගේ රැකවරණයට භාර කරන්නැයි ද නියම වුණා. සන්දීප්ගෙන් වෙන්වුණු අශ්රිටා ඔහුට චෝදනා කරමින් පැවසුවේ ඔහු පරදාර සේවනයෙහි යෙදුණු බවයි. සන්දීප්ගේ නීතිඥයන් එයට පිළිතුරු දෙමින් පැවසුවේ එය මුසාවක් බවයි.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »