Home / බොලිවුඩ් ගොසිප් / සීනත් අමාන් යළිත්


සීනත් අමාන් යළිත්


2017-04-26 10:51:00       818
feature-top
සීනත් අමාන් යනු කවුරුන්දැයි බොලිවුඩ් සිනමා රසික පිරිසට යළි හඳුන්වා දිය යුතු චරිතයක් නොවෙයි. අසූව දශකය තුළ ඉමහත් ජනප්‍රියත්වයක් ලැබ වැජඹුණු ඇය, පසු කලකදී සිනමා රංගනයෙන් ඉවත්ව සිටියා.

ඒ නිහඬතාවට විරාමයක් තබන්නට තීරණය කළ සීනත්, යළි රංගනයට පිවිසෙන්නට ලක ලෑස්ති වෙමින් සිටිනවා. ඇය යළි රංගනයට එක්වන්නේ අන්තර් ජාලය ඔස්සේ විසුරුවා හැරෙන වෙබ් නාට්‍ය මාලාවකින්.

මේ වෙබ් නාට්‍ය මාලාව නම් කර ඇත්තේ ‘ලව්, ලයිෆ් ඇන්ඩ් ස්කෲ අප්’ යනුවෙන්. අවිවාහක කාන්තාවක ගේ චරිතයක් තමයි, සීනත් මෙහි රඟන්නේ. ඇගේ මෙම රංගනය වත්මන් රසික පරපුර අතර ඉහළ ජනප්‍රියත්වයක් හිමි කර ගනු නිසැක යැයි බොලිවුඩ් මාධ්‍ය විශ්වාසය පළ කර සිටිනවා.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »