Home / බොලිවුඩ් ගොසිප් / නිළියන් නිසා නළු දබරයක්


නිළියන් නිසා නළු දබරයක්


2017-04-25 10:02:00       819
feature-top
ආදිත්‍ය රෝයි කපූර් සහ ශ්‍රද්ධා කපූර් අද බොලිවුඩ් සිනමාව් කැපී පෙනෙන යුවළක්. ඔවුන් දෙදෙනා සැබෑ ජීවිතයේ පෙම්වතුන් වී සිටියා. නමුත් දැන් ඒ ආදර කතාව වියැකී ගිහින්. එහෙම වුණත් දෙදෙනා එකට එක්වී මෑතකදී චිත්‍රපටයක රඟපෑවා. ඒ පෙම්වතුන් විලසින්. මේ අතර පැතිරී ගිය කට කතාවක් පැවසුවේ ශ්‍රද්ධා සහ ෆර්හාන් අක්තාර් අතර පෙම් සබඳකමක් පවතින බවයි. මේ කතන්දරය උඩ යට යමින් බොලිවුඩ් සිනමාව තුළ ගලා ගියත් එය සැබෑවක්දැයි තවම තහවුරු වී නැහැ. එවැනි වාතාවරණයක් පවතිද්දී සිදුවූ දෙයකින් කවුරුත් කැළඹීමකට පත්වුණා. සිදුවී ඇත්තේ එක්තරා සාදයකදී ශ්‍රද්ධා සහ ඇගේ පෙර පෙම්වතාවූ ආදිත්‍ය රෝයි කපූර් මුල්ලකට වී ‘කටුකුටු’ ගෑ අයුරු ෆර්හාන්ට දැකගන්න ලැබීමයි.

මේ සාදය පැවැත්වුණේ චිත්‍රපට නිෂ්පාදක මහේෂ් භාට් ගේ මූලිකත්වයෙන්. ඔහුගේ චිත්‍රපට නිෂ්පාදන සමාගමට වසර 30ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වුණු මේ සාදයට ෆර්හාන් ද පැමිණ තිබෙනවා. ශ්‍රද්ධා සහ ආදිත්‍ය එලෙස කොඳුරමින් සිටිද්දී එතැනට පැමිණි ෆර්හාන්, ඔවුන් දෙදෙනාට ම බැණ වැදිලා. ඉන්පසුව ඔහු සහ ආදිත්‍ය අතර උණුසුම් වචන කිහිපයක් ද හුවමාරු වෙලා. එහිදී වහාම ක්‍රියාත්මකවූ ශ්‍රද්ධා, දෙදෙනා අතර ඇතිවීමට ගිය ගුටිබැට හුවමාරුව වැළැක්වූ බවයි පැවසෙන්නේ. ඉන්පසුව ශ්‍රද්ධා, ෆර්හාන්ගේ නිවසට ගොස් සිද්ධිය සමථයකට පත් කරන්න උත්සාහ ගත් බවත් ආරංචියි.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »