Home / බොලිවුඩ් ගොසිප් / කරන් ජොහාර් පිය පදවිය ලැබූ හැටි


කරන් ජොහාර් පිය පදවිය ලැබූ හැටි


2017-04-24 10:26:00       819
feature-top
ගෞරී ඛාන් වෙනුවෙන් වෙනත් කාන්තාවක් තම කුසෙහි දරුවකු රඳවා ගෙන ඔහු මෙලොවට බිහි කළ අයුරු මීට මාස කිහිපයකට පෙර බොලිවුඩ්පුර පුවත්වල සටහන් වුණා. සුපිරි තරුව ශාරුක් ඛාන් සහ ඔහුගේ බිරිඳ ගෞරී වෙනුවෙන් එලෙස උපත ලද්දේ ආබ්රම් නම් වූ පුංචි පුතායි.

ඒ අයුරින් ම තවත් දරු ප්‍රසූතියක් මෑතකදී සිදුවුණා. ඒ, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කරන් ජොහාර් වෙනුවෙන්. කරන් ජොහාර් අවිවාහකයෙක්. නමුත්, ශාරුක් ඛාන් තුන්වැනි වතාවට පිය පදවිය ලද නවීන වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරමින් කරන් ද පිය පදවිය ලැබුවා. ඔහුට ලැබුණේ නිවුන් පුතුන් දෙදෙනෙක්. දෙදෙනාට නම් තබා තිබෙනවා. ඒ, යාෂ් සහ රූහි යනුවෙන්.

මේ බිලිඳුන් දෙදෙනා උපත ලබා ඇත්තේ නියමිත දිනයට වඩා මාස දෙකහමාරකට කලින්. ඒ හේතුවෙන් යාෂ් සහ රූහි සති හතක කාලයක් රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ රඳවා තැබිය යුතු යැයි වෛද්‍ය උපදේශය වුණා.

ඉන් පසුව දරුවන් දෙදෙනා නිවසට රැගෙන ගියත් වරින් වර ඔවුන්ව රෝහලට රැගෙන ආ යුතු යැයි වෛද්‍යවරු කරන්ට දන්වා තිබෙනවා. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ යාෂ් සහ රූහි ට ප්‍රමාණවත් තරම් ප්‍රතිශක්තියක් නොමැති වීමලු.

පුතුන් දෙදෙනා මෙලොවට බිහිවූ පසුව කරන් ගේ සමීප හිතවතුන් සහ හිතවතියන් රෝහලට පැමිණීමට උත්සාහ කළත් කරන් එය වැළැක්වූයේ අමුත්තන්ගේ පැමිණීම බිලිඳුන් දෙදෙනාට අහිතකර විය හැකි නිසයි. ඒ නිසා කිසිවකුටවත් යාෂ් සහ රූහිව දැක බලා ගන්නට තවමත් අවසර ලැබී නැහැ. රෝහලේ හෙදියක් මේ බිලිඳුන් දෙදෙනා රැක බලා ගැනීමට විශේෂයෙන් යොදවා ඇති බවයි පැවසෙන්නේ.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »