Home / බොලිවුඩ් ගොසිප් / ආතියා ශෙට්ටි විරහ වේදනාවෙන්

ආතියා ශෙට්ටි විරහ වේදනාවෙන්

2017-04-19 10:01:00       819
feature-top
ප්‍රවීණ නළු සුනිල් ශෙට්ටිගේ දියණිය, ආතියා ශෙට්ටි දැන් බොලිවුඩ් සිනමාවේ නැවුම් බලාපොරොත්තුවක්. ඇය රඟන අලුත්ම චිත්‍රපටය, ‘මුබාරකන්’. මේ චිත්‍රපටයේ අර්ජුන් කපූර්, අනිල් කපූර් සහ ඉලීනා ඩි කෲස් සෙසු ප්‍රධාන චරිත රඟපානවා. බොලිවුඩ් තිරයට නවක නිළියක් පැමිණ, තරමක් ඉදිරියට ගමන් කරන විට කටකතාවලට හසුවීම දැන් සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. ආතියාටත් එවැනි වාතාවරණයකට මුහුණ දෙන්නට සිදු වුණා.

ඇය ‘මුබාරකන්’ චිත්‍රපටයේ රඟපෑවේ යොවුන් නළු අර්ජුන් කපූර් එක්කයි. ඒ හේතුවෙන් ඇගේ නම අර්ජුන්ට සම්බන්ධ කර කටකතා පැතිරී ගියා. නමුත් ඒ කතන්දරවලට වැඩි ආයුෂ නොතිබුණේ අර්ජුන් සහ ආතියා අතර එවැනි පෙම් සබඳකමක් නොතිබුණු නිසයි. ඒ කටකතාව යට යද්දී තවත් කතාවක් මතු වුණා.

ආතියා සමඟ ආදිත්‍ය භන්දාරි නම්වූ තරුණයකු හාද වී සිටි බවයි, ඒ කතන්දරයෙන් කියැවුණේ. මේ ගැන නම් කවුරුන්වත් කිසිවක් මෙතෙක් ප්‍රකාශ කර නැහැ. ඒ වුණත් බොලිවුඩ් මාධ්‍ය වාර්තා කරන්නේ වසර 3ක් තිස්සේ ආතියා සහ ආදිත්‍ය අතර පෙම් සබඳකම් පැවතුණත් මේ වන විට එය නිමාවට පත්වී ඇති බවයි. මීට මාස කිහිපයකට පෙර, දෙදෙනා වෙන්වූ බවත් පැවසෙනවා.

ආදිත්‍ය සිනමාවට සම්බන්ධ අයකු නොවෙයි. (ඔහුගේ පියා ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරික ආයතනයක අධ්‍යක්ෂවරයෙක්) ආතියා, ආදිත්‍යගේ ඇසුරින් බැහැර වූයේ ඔහුට වෙනත් සබඳකමක් පවතින බව ඉව වැටීමෙන් පසුවලු.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »