Home / බොලිවුඩ් ගොසිප් / 'ටියුබ්ලයිට්' ජුනි 23 වැනිදා ස්ථිරයි

'ටියුබ්ලයිට්' ජුනි 23 වැනිදා ස්ථිරයි

2017-04-07 09:54:00       818
feature-top
සල්මාන් ඛාන් ප්‍රධාන චරිතය නිරූපණය කරන කබීර් ඛාන්ගේ ‘ටියුබ්ලයිට්’ චිත්‍රපටය මේ වසරේ ජුනි 23 වැනිදා ස්ථිර ලෙසම ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර ඇති බව සඳහන් වෙනවා. ඉස්ලාම් බැතිමතුන්ගේ සුවිශේෂි දිනයක් වන ‘ඊඩ්’ දිනයේදී මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර ඇති අතර, පසුගිය වසරේදී මෙම සුවිශේෂි දිනයේදීද සල්මාන්ගේ ‘සුල්තාන්’ චිත්‍රපටය ප්‍රදර්ශනය කරනු ලැබුවා.

එය ඉන්දීය රුපියල් කෝටි 600කට ආසන්න මුදලක් උපයා ගැනීමට සමත්වුණා. ‘ටියුබ්ලයිට්’ චිත්‍රපටයේ සල්මාන් ඛාන් සමගින් චීන ජාතික නිළි ෂු ෂුද, සොහොල් ඛාන්ද රංගනයෙන් දායක වී තිබෙනවා. ඉහළ වියදමක් දරා නිර්මාණය කරනු ලැබු මෙම චිත්‍රපටයද සල්මාන්ගේ පෙර චිත්‍රපට මෙන්ම සාර්ථක වනු ඇතැයි මේ වනවිටත් විචාරකයන් මත පළ කර තිබෙනවා.

More News »