Home / බොලිවුඩ් ගොසිප් / උණු තේ ප්‍රහාරයට එරෙහිව ස්වාරා

උණු තේ ප්‍රහාරයට එරෙහිව ස්වාරා

2017-04-05 09:43:00       824
feature-top
ස්වාරා භස්කාර්, බොලිවුඩ් තිරයට එක්වූ නවක නිළියක්. මෑතකදී තිරගත වූ ‘ටනු වෙඩ්ස් මනු’ චිත්‍රපටයේ කැපී පෙනෙන චරිත නිරූපණයක් කළ ස්වාරාගේ රැඟුම් ඇතුළත් අලුත්ම චිත්‍රපටය, ‘අනාර්කලී ඔෆ් ආරා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අවිනාශ් දාස්. මෙහි රූගත කිරීමක් සිදුවෙන අතරතුරදී ස්වාරාට අහක යන රණ්ඩුවක් බේරීමටත් සිදුවුණා. සංගීතමය චිත්‍රපටයක් වන ‘අනාර්කලී දාස්’ හි රඟපාන එක්තරා ජනප්‍රිය නළුවකු එම චිත්‍රපටයේ සහයකයකුට පහරදීමට කළ උත්සාහයක් තමයි, ස්වාරා විසින් නතර කරනු ලැබුවේ. බොලිවුඩ් පුරයෙන් ලැබුණු ආරංචිය අනුව චිත්‍රපටයේ රඟපෑ එම නළුවා, සහයක තරුණයකුගේ මුහුණට තමන් අත තිබූ උණුසුම් තේ කෝප්පය දමා ගැසූ බවයි පැවසෙන්නේ.

“මේ නළුවා ඒ අහිංසකයාට මුලින්ම බැණ වැදුණා. ස්වාරාට මේක ඇහිලා එතනට ඇවිත් සිද්ධිය සමථයකට පත් කරන්න හැදුවා. ඒත් අර නළුවා ස්වාරාට බැණලා ‘තමන්ගෙ වැඩක් බලාගන්න’ ය කියල කිව්වා. ඊට පස්සෙ මේ නළුවා තමන් බොමින් හිටපු උණු තේ එක අර තරුණයගෙ මූණටම හැලුවා. ඒ වුණත් ස්වාරා නිකම් හිටියෙ නැහැ. තරුණයාගෙ පැත්තටම කතා කරලා නළුවාට කිව්වා තරුණයාගෙන් සමාව ගන්න ය කියලා.” ‘අනාර්කලී ඔෆ් ආරා’ චිත්‍රපටයේ කාර්මික ශිල්පියකු සිද්ධිය එලෙස හෙළි කළා.


Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »