Home / බොලිවුඩ් ගොසිප් / විද්‍යාට රයිෆල් පුහුණුව


විද්‍යාට රයිෆල් පුහුණුව


2017-04-04 10:07:00       818
feature-top
‘බරපතළ චරිත’ නිරූපණයට බැහැ නොකියන නිළියක් තමයි, විද්‍යා බාලන්. ළඟදී තිරගත වීමට නියමිත ‘බෙගම් ජාන්’ චිත්‍රපටයේ ඇය එවැනි අභියෝගාත්මක චරිතයක් රඟපානවා. මෙහි විද්‍යා රඟන්නේ ගණිකා නිවාසයක හිමිකාරියගේ චරිතයක්. ‘රාජ්කාහිනි’ නම්වූ බෙංගාලි චිත්‍රපටයේ කතා තේමාව පදනම් කරගෙන නිර්මාණය කළ ‘බෙගම් ජාන්’ අධ්‍යක්ෂණය කළේ ශ්‍රීජිත් මුඛර්ජි. විද්‍යා නිරූපණය කරන චරිතය ඇතැම් අවස්ථාවලදී රයිෆලයක් ද භාවිත කළ යුතු වුණා. ඒ නිසා රයිෆපලයක් සමඟ ගනුදෙනු කරන්නේ කෙලෙසදැයි විද්‍යාට පුහුණුවක් ලබාදීමට අධ්‍යක්ෂ ශ්‍රීජිත්ට සිදුවුණා. මේ පුහුණුවීම් සිදුකළේ ‘විශේෂ් ෆිල්ම්ස්’ ආයතනයේ ස්ථානයකයි. එහිදී රයිෆලයකට උණ්ඩ ඇතුළත් කරන්නේ කෙසේද, ඒවා පිටතට ගන්නේ කෙසේද මේ ගිනි අවිය හසුරුවන්නේ කෙසේද යන කටයුතු විද්‍යාට ඉගෙන ගන්නට සිදුවුණා. ඉලක්කය බලා නිවැරැදිව වෙඩි තැබීමට ඇය පුහුණුව ලැබුවේ ඒ සඳහා වෙන් වූ එළිමහනකදීයි. “විද්‍යාත් එක්ක තවත් තරුණියන් කීප දෙනෙක්ම වෙඩි තැබීමේ පුහුණුව ලැබුවා. ඒ විතරක් නෙමෙයි, අශ්වයින් පිට යෑමත් පුහුණු වුණා. විද්‍යා හරි අපූරුවට ඒ දර්ශනවල රඟපෑවා. දවස් 10කදී මේ පුහුණුවීම් ලබලා දර්ශන රූගත කරන්නටත් විද්‍යාට හැකිවුණා.” අධ්‍යක්ෂ ශ්‍රීජිත් පැවසුවා.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »