Home / බොලිවුඩ් ගොසිප් / සල්මන් වෘකයන් සමඟ සටනක


සල්මන් වෘකයන් සමඟ සටනක


2017-04-01 10:56:00       818
feature-top
වෘකයන් රැළක් එක්ක සටන් කරන්න හිතාගෙන ඔස්ට්‍රියාවට ගිය බොලිවුඩ් සුපිරි නළුවකු ගැන ආරංචියක් ලැබුණා. ඒ ගැන විපරම් කරද්දී දැනගන්න ලැබුණේ වෘක සටනට පිටත්ව ගොස් ඇත්තේ සල්මන් ඛාන් බවයි.

මෙය හැබෑ සටනක් නම් නොවෙයි, අලි අබ්බාස් සෆාර්ගේ ‘ටයිගර් සින්දා හේ’ චිත්‍රපටයේ දර්ශනයක් වෙනුවෙන් තමයි, සල්මන් ඔස්ට්‍රියාවට ගියේ. මේ චිත්‍රපටය, 2012 දී තිරගත වූ ‘ඒක් ථා ටයිගර්’ චිත්‍රපටයේ දෙවැනි කොටසයි. ආරංචියේ හැටියට නම් සල්මන් වෘකයන් රැළක් සමඟ සටන් කරන්නේ ඔස්ට්‍රියාවේ මහ වනයක් මැද්දේ. මේ දර්ශනය චිත්‍රපටයට ඇතුළත් විය යුතු යැයි යෝජනා කර ඇත්තේ නිෂ්පාදක ආදිත්‍ය චොප්රායි.

මේ චිත්‍රපටය හොලිවුඩ් චිත්‍රපටවලට සමාන අයුරින් රූගත කරන්නයි අධ්‍යක්ෂ අලි අබ්බාස් සැලසුම් කර ඇත්තේ. ඒ අනුව ‘එක්ස් මෙන්’ සහ ‘ද ඩාක් නයිට්’ යන හොලිවුඩ් චිත්‍රපටවල සටන් ජවනිකා අධ්‍යක්ෂ ටොම් ස්ටෲදර්ස්ගේ මෙහෙයවීමෙන් මේ චිත්‍රපටයේ සටන් ජවනිකා රූගත කෙරෙනවා. සල්මන් සමඟ සටන් වදින්නේ සැබෑ වෘකයන් රංචුවක්.

ඔවුන් මෙවැනි රූගත කිරීම් සඳහා පුහුණු කළ වෘකයන් බවයි පැවසෙන්නේ. රූගත කිරීම් සිදුවන්නේ වෘකයන් පුහුණු කළ පිරිසගේ දැඩි පරීක්ෂාව මැද්දේ. මේ කටයුත්ත සිදුවන්නේ නියමිත මඟ පෙන්වීම් සහ නීති මාලාවන් දැඩි ලෙස අනුගමනය කරමින්. මේ චිත්‍රපටයේ සල්මන්ගේ පැරැණි පෙම්වතිය වූ කට්රිනා කායිෆ් ද රඟපෑම විශේෂත්වයක්.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »