Home / බොලිවුඩ් ගොසිප් / 'බද්‍රිනාත් කී දුල්හානියා' කෝටි 100යි

'බද්‍රිනාත් කී දුල්හානියා' කෝටි 100යි

2017-03-31 10:59:00       824
feature-top
පසුගිය මාර්තු 10 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වූ ‘බද්‍රිනාත් කී දුල්හානියා’ චිත්‍රපටය මේ වනවිට ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 103ක ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ. එය මේ වසරේ ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් උපයාගත් සිවුවැනි බොලිවුඩ් චිත්‍රපටය වේ.

ෂාරුක් ඛාන්ගේ ‘රායිස්’, රිතික් රෝෂන්ගේ ‘කාබිල්’ හා ආක්ෂේ කුමාර්ගේ ‘ජොලි එල්.එල්.බී’ චිත්‍රපට ‘බද්‍ර්නාත් කි දුල්හානියා’ පෙර ඉන්දීය රුපියල් කෝටි සියේ සීමාව ඉක්මවූ චිත්‍රපට වේ. විදෙස් රටවලදී දැනට ‘බද්‍රිනාත් කී දුල්හානියා’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 90ක ආදායමක් උපයා ගෙන ඇත. ආලියා ප්‍රධාන චරිතය නිරූපණය කළ චිත්‍රපටයක් උපයාගත් ඉහළම මුදලද මෙය වීම විශේෂත්වයකි.

More News »