Home / බොලිවුඩ් ගොසිප් / අක්ෂරා ගැබිනියක් වෙලා

අක්ෂරා ගැබිනියක් වෙලා

2017-03-30 12:55:00       818
feature-top
ජනප්‍රිය දමිළ සිනමා නළු කමල් හසන්ගේ බාල දියණිය අක්ෂරා හසන් පෙනී සිටින අලුත්ම බොලිවුඩ් චිත්‍රපටයක් එළැඹෙන අප්‍රේල් 07 වැනිදා තිරගත වීමට නියමිතව ඇත. ‘ලාලී කි ශාදී මෙන් මේන් ලඩ්ඩෝ දිවානා’ නම් වු මෙම චිත්‍රපටය මනිෂ් හරිශංකර් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබුවක්.

මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන අක්ෂරා මෙහි පෙනි සිටිනු ලබන්නේ ගැබිනියක් ලෙස බව සඳහන්. 2015 වසරේ තිරගත වූ ‘සමිතාබ්’ චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට එක්වු අක්ෂරා දැනට ‘සමිතාබ්’ චිත්‍රපටයද සමගින් චිත්‍රපට ත්‍රිත්වයක රඟපා තිබෙනවා. මෙම බොලිවුඩ් චිත්‍රපට දෙකට අමතරව ඇය සිය පියා විසින්ම නිර්මාණය කළ චිත්‍රපටයක් වු ‘විවේගම්’ හි රංගනයෙන් දායක වි තිබුණා.



More News »