Home / බොලිවුඩ් ගොසිප් / ආක්ෂේ' චිත්‍රපටයකට ඉන්දීය රුපියල් කෝටි 50ක් අය කරනවලු

ආක්ෂේ' චිත්‍රපටයකට ඉන්දීය රුපියල් කෝටි 50ක් අය කරනවලු

2016-07-06 10:44:00       724
feature-top
මේ වසරේ රඟපෑ චිත්‍රපට දෙකම ඉන්දියාවේ පමණක් රුපියල් කෝටි 100කට වඩා වැඩි ආදායමක් උපයා ගැනීම හේතුවෙන් බොලිවුඩයේ ජනප්‍රිය සිනමා නළු ආක්ෂේ කුමාර් චිත්‍රපටයක් සඳහා අය කරන සිය මුදල් වැඩ කර තිබෙන බව සඳහන්. ඒ අනුව ඔහු ඉදිරියේදී රංගනයෙන් දායක වන බොලිවුඩ් චිත්‍රපටයක් සඳහා ඉන්දීය රුපියල් කෝටි 50ක මුදලක් අය කරන බව සඳහන් වෙනවා.

ආක්ෂේ කුමාර් ඉදිරියේදී රංගනයෙන් දායක වීමට කැමැත්ත පළ කර ඇති දිව්‍ය කොස්ලා කුමාර් අධ්‍යක්ෂණය කරන චිත්‍රපයක ගිවිසුම් අත්සන් කිරීමේදී ආක්ෂේ සිය අය කිරීම් මුදල පවසා තිබෙන අතර, මුලින් දිව්‍ය කොස්ලා කුමාර් මෙම මුදලට ආක්ෂේව සම්බන්ධ කරගැනීමට අකමැත්ත පළ කර ඇතැයි වාර්තා වෙනවා. එහෙත්, ආක්ෂේගේ චිත්‍රපට එක දිගට සාර්ථක වන නිසාවෙන් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන නිෂ්පාදන කණ්ඩායම එම මුදල ආක්ෂේට ලබාදීමට කැමැත්ත පළ කර තිබෙනවා. ආක්ෂේ සම්බන්ධ වූ මෙම චිත්‍රපටය ආදර කතාවක් ඇතුළත් නිර්මාණයක් නිසාවෙන් මෙම චිත්‍රපටය සාර්ථක වේද නැද්ද යන්න ආක්ෂේ තුළද ඇත්තේ අඩු ප්‍රතිශතයක් බව ඔහු සඳහන් කර සිටිනවා.

sarawita.lk


More News »