Home / බොලිවුඩ් ගොසිප් / සල්මන්  ර‍හසේම ලුලියා හමුවෙලා

සල්මන්  ර‍හසේම ලුලියා හමුවෙලා

2016-07-05 11:02:00       723
feature-top
රාමලාන් මාසය වෙනුවෙන් ඉන්දීය ධනවතකු වන බාබා සිද්දික් විසින් වසරක් පාසා පවත්වනු ලබන ඉෆ්තාර් සාදය මෙවරත් පැවැත්වුණා. මේ සාදයට බොලිවුඩ් තරු රැසක්ම සහභාගි වන බව කවුරුත් දන්නා දෙයක්. ඒ අතරින් සුපිරි නළු සල්මන් ඛාන් තමයි, මේ සාදයේ ප්‍රධාන අමුත්තා ලෙස ඇරයුම් ලබන්නේ.

සුපුරුදු පරිදි මෙවර ද සල්මන් සමඟ ඔහුගේ පවුලේ උදවිය සියලු දෙනාම සහභාගි වුණා. මෙවර ඛාන් පවුල සමඟ පුංචි අමුත්තකුත් එක්වී සිටියා. ඔහු තමයි, සල්මන්ගේ නැඟණියගේ බිලිඳු පුතු අහිල්. ඉෆ්තාර් සාදය පැවැත්වුණේ මුම්බායි නුවර, බන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි තරු පහේ හෝටලයකයි.

පවුලේ සියල්ලන් සමඟම සාදයට පැමිණ හිතවත් පිරිස සමඟ මඳ වේලාවක් සතුටින් ගත කළ සල්මන්, හෝටලයෙන් පිටත්වී ගියා. ඔහුගේ පවුලේ සෙසු අය පමණක් රැඳී සිටියා. ඒ නිසා කවුරු කවුරුත් මේ ගැන විමසුවා. සල්මන්ගේ පවුලේ කිසිවකුගෙන්වත් එයට පැහැදිලි පිළිතුරක් ලැබුණේ නැහැ.

කොහොම වෙතත්, උකුසු ඇස් යොමාගෙන සිටි දෙතුන් දෙනකු මාධ්‍යයට හෙළි කළේ සල්මන්, ඔහුගේ පෙම්වතිය වන ලුලියා වැන්ටුර් සමඟ වෙනත් හෝටලයක පෙම්බස් දොඩමින් සිටි බැව් හැඟවෙන කතන්දරයක්.

තවත් සමහරු ප්‍රකාශ කළේ සල්මන්, ඉෆ්තාර් සාදයට තම පෙම්වතිය සමඟ පැමිණෙන්නට කලින් බලාපොරොත්තු වූවත් මාධ්‍ය සහ වටපිට පිරිස්වල අනවශ්‍ය අවධානයක් යොමු වේවි ය යන සැකයෙන් ඇය සමඟ නොපැමිණි බවයි.

මීට කලින් ඔහු, ප්‍රීටි සින්ටාගේ මංගල සාදයට පෙම්වතියක් සමඟ සහභාගිවූ මොහොතේ එහි සිටි අයගේ දහසක් ප්‍රශ්නවලට උත්තර දෙන්නට සිදුවුණා. ඇය ඉෆ්තාර් සාදයට එක්කරගෙන නොපැමිණීමත් එය ඔහුටත් ලුලියාටත් වධයක් වූ නිසා බවයි ආරංචිය.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »