Home / බොලිවුඩ් ගොසිප් / මලෙයිකා ගින්දර වගේලු... ළඟට එන අය පිච්චෙනවා
හිතන්න දෙයක්‌ නැහැ මම ජනප්‍රියයි

මලෙයිකා ගින්දර වගේලු... ළඟට එන අය පිච්චෙනවා
හිතන්න දෙයක්‌ නැහැ මම ජනප්‍රියයි

2016-07-04 10:47:00       725
feature-top
කට්‌ට කාගෙන බොලිවුඩ්වලට ආවත්, කාටත් මතක හිටින අයිකන් එකක්‌ බවට පත්වෙන්න ලැබෙන්නෙ බොහොම ටික දෙනෙක්‌ට විතරයි. කෙනෙක්‌ රඟපෑමෙන් ඉදිරියට යන කොට තවත් කෙනෙක්‌ නර්තනයෙන් ඉදිරියට යනවා. ඒ වගේම ශරීරයේ හැඩය, නම්‍යශීලීත්වය වැනි කාරණාවන් පවා කෙනෙකුගේ පැවැත්මට ගොඩක්‌ වැදගත් වෙනව. ශිල්පා ෂෙට්‌ටි, අන්තාරා මාලි, ශාහිද් කපූර් වැනි නළු නිළියන් ඒ අතරින් ප්‍රධාන තැනක්‌ ගන්නවා. ඒ වගේම හැඩට ඉන්න ආකර්ෂණීය චරිතයක්‌ ගැන තමයි අපි අද කතා කරන්නේ. ඒ වෙන කවුරුත්ම නෙවෙයි. මලෙයිකා අරෝරා. ලීඩින් රෝල්වලට වඩා ගොඩක්‌ වෙලාවට අපිට මෙයාව දකින්න ලැබෙන්නෙ අයිටම් ගර්ල් කෙනෙක්‌ හැටියට යි. ගොඩක්‌ වෙලාවට මලෙයිකා නිසා චිත්‍රපට සාර්ථක වෙච්චි අවස්‌ථා පවා දැකගන්න පුළුවන්. ඒ නිසාම දවසක්‌ මෙයාටත් කරන් එක්‌ක කෝපි කෝප්පයක්‌ බොන්න ආරාධනාවක්‌ ලැබුණ. අපි බලමු එයාල මොනවද කතා කළේ කියල...

ගොඩක්‌ අය ඔබව හඳුන්වන්නේ අයිටම් නම්බර් එකක්‌ හැටියට...

ඔව්... මම අයිටම් නම්බර් එකක්‌ තමයි. ඒ විදිහට හඳුන්වනවට මගේ කිසිම අකමැත්තක්‌ නැහැ. මම ගොඩක්‌ වෙනස්‌ කෙනෙක්‌ විදිහට මට දැනෙන්නෙ කවුරුත් මට ඔය විදිහට කතා කරන කොටයි. වෙන කවුරුත් මම වගේ නැහැනෙ...

ඔබට තිබෙන ප්‍රතිරූපයත් ඒ තරම් හොඳ නැහැ...

ඕක තමයි ප්‍රශ්නෙ... අයිටම් ගර්ල් කෙනෙක්‌ කීවම ගොඩක්‌ අය බලන්නෙ නරක ඇහැකින්. ඒ වුණත් මට ඔය දේවල් අදාළ නැහැ. මොකද මම කසාද බැඳල හොඳ පවුල් ජීවිතයක්‌ ගතකරනවා. අනිත් අය කියන දේවල් මට අදාළ නැහැ.

අර්බාස්‌ ඛාන් නිසාද ඔබ මෙතන ඉන්නෙ...

එයා මගේ හස්‌බන්ඩ් විතරයි. වෘත්තීය ජීවිතයේදී එයාට අනවශ්‍ය බලපෑමක්‌ කරන්න මම කැමති නැහැ. එයාගෙ වැඩවලට ගැලපෙන අය විතරයි එයා ගන්නෙ. එයා මට ආරාධනා කරත් මට ගැලපෙන්නෙ නැතිනම් කොහොමටවත් බාරගන්නෙ නැහැ.

ඔබ ගොඩක්‌ ජනප්‍රියයි කියල හිතනවද...?

හිතන්න දෙයක්‌ නැහැ. මම කොහොමත් ජනප්‍රියයි. මටම වෙන්වුණු රසික පිරිසකුත් අද ඉන්නවා. දිල් සේ චිත්‍රපටයේ එන චලි චහිය චහිය චහියා ගීතය සහ ඩබන්ග් චිත්‍රපටයේ මුන්නී බදනාම හූයී ගීත මගේ ජනප්‍රියත්වයට සාක්‍ෂි සපයනවා.

ඔබට අභියෝගයක්‌ නැතිද...?

අභියෝග නැතිනම් පැවැත්මකුත් නැහැ. මම අභියෝගවලට කැමතියි. හැබැයි මම ඒ දේවල් මහා ලොකු දේවල් විදිහට ගන්නෙ නැහැ. මම දඟයි නම් කිසිම දේකට බය වෙන්න ඕනි නැහැ. කාලයක්‌ මල්ලිකා මට අභියෝග කළා... ඒත් ඒ දේවල් තාවකාලිකයි.

චරිතවලදී ඔබ ආරාධිත රංගනයන්ටම කොටු වෙනවා...

ඒක සාමාන්‍ය දෙයක්‌. මාව වැදගත් කෙනෙක්‌ විදිහට සලකන නිසානෙ ආරාධිත රංගනයකට හරි කතා කරන්නෙ. ඕම් ශාන්ති ඕම්, හෙලෝ ඉන්ඩියා, හවුස්‌ ෆුල් වගේ චිත්‍රපට හැම එකකම මම කළේ ආරාධිත රංගනයන්.

ඔබට අධ්‍යක්‍ෂකවරුන්ගෙන් අයුතු යෝජනා එනවද...?

අපෝ මුල් කාලෙ ඒ වගේ යෝජනා කියන්න බැරි තරම් ලැබුණ. ඒත් අපේ කැමැත්ත සහ ආකල්ප අනුව තමයි හැම දේම තීරණය වෙන්නෙ. ඉක්‌මනින් ජනප්‍රිය වෙන්න නම් ඒක හොඳ මාර්ගයක්‌ තමයි. ඒත් මම ඒවට කැමති නැහැ...

ඉන්ඩියා ගොට්‌ ටැලන්ට්‌ වැඩසටහන ගැන කීවොත්...

ඒ ගැන මටත් වඩා හොඳට ඔයා දන්නවනෙ කරන්. ඇත්තටම ඒක ගොඩක්‌ වෙනස්‌ විදිහෙ අත්දැකීමක්‌. වෙලාවකට ආදරය, ත්‍රාසය, භීතිය වැනි දේවල් නොඅඩුව ලබාගන්න පුළුවන්. මේක මට ලැබුණු හොඳ අවස්‌ථාවක්‌...

ඔයා ගින්දර වගේද...?

ඔඕ... මලෙයිකා කියන්නෙ ගින්දර වගේ චරිතයක්‌ තමයි. මට කිට්‌ටුවෙන හැම කෙනාටම වෙන්නෙ පිච්චෙන්න තමයි. ඒ නිසා තමයි මම කරන ගොඩක්‌ දේවල් ගින්දර වගේ අලෙවි වෙන්නෙ. මලෙයිකා අනිත් අයගෙන් වෙනස්‌ වෙන්නෙත් ඒ නිසාමයි...

Wmqgd .ekSu jhsk mqj;a m; weiqfrks

More News »