Home / බොලිවුඩ් ගොසිප් / ආක්ෂේ, ටුවින්කල් එක්ක ඉතාලි ගිහින්

ආක්ෂේ, ටුවින්කල් එක්ක ඉතාලි ගිහින්

2016-06-30 01:33:00       724
feature-top
මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 110ක ආදායමක් උපයා ගෙන "හවුස්ෆුල්" චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන ආක්ෂේ කුමාර් මේ දිනවල නිවාඩුවක් ගත කිරීම සඳහා ඉතාලියට ගොස් සිටින බව සඳහන් වෙනවා. ඔහු මෙම නිවාඩුව ගත කිරීම සඳහා සිය බිරිඳ වන ජනප්‍රිය හින්දි නිළි ටුවින්කල් ඛන්නාද එක් කරගෙන තිබෙනවා.

"සන්ටා බන්ටා" වෙබ් අඩවිය සඳහන් කර සිටින්නේ මෙම නිවාඩුව ගත කිරීම සඳහා ආක්ෂේ හා ටුවින්කල් දෙදෙනාට ආරාධනා කර ඇත්තේ මීට සති කිහිපයකට පෙර ඉතාලියට පැමිණ ජනප්‍රිය කොලිවුඩ් හා බොලිවුඩ් සිනමා නිළි ආශින් තොට්ටුමුකල්ය. ඇයගේ සැමියා වූ රාහුල් ෂර්මාට අයත් "ෆාම් හවුස්" මේ වනවිට රැඳි සිටින ආශින් සිය විශේෂ අමුත්තන් වූ ආක්ෂේ හා ටුවින්කල් දෙදෙනාට එම රැඳී සිටීමට සති කිහිපයකට ලබාදී ඇති බවටද මෙම තොරතුරු වැඩිදුරටත් සඳහන් කරනවා.
 


Wmqgd .ekSu ; mqj;a m; weiqfrks

More News »