Home / බොලිවුඩ් ගොසිප් / රන්බීර්, ගෞරී සමඟ ලන්ඩන් සාප්පු සවාරියක

රන්බීර්, ගෞරී සමඟ ලන්ඩන් සාප්පු සවාරියක

2016-06-28 10:50:00       723
feature-top
රන්බීර් කපූර්, ශාරුක් ඛාන්ගේ බිරිය වන ගෙ‍ෟරී ඛාන් සහ ශ්වේතා භච්චන් නන්දා සමඟ ලන්ඩන් නුවර සාප්පු සවාරියක් ගිය බවට ආරංචියක් පසුගියදා බොලිවුඩ්පුරයෙන් ලැබුණා. මේ තුන් දෙනා සාප්පු සවාරියේ යන්න ලන්ඩන් නුවරටම ගියේ ඇයි? බොහෝ දෙනකු තුළ කුතුහලයක් ඇතිවුණා.

ඇත්තටම, මේ තුන් දෙනා ලන්ඩන් ගියේ සාප්පු යන්න නම් නොවෙයි. උපන් දින සාදයකට සහභාගි වෙන්නයි. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කරන් ජොහාර් ගේ උපන් දින සාදය මෙවර පැවැත්වුණේ ලන්ඩන් නුවරදී යි. රන්බීර්, ගෞරී සහ ශ්වේතා එයට එක්වුණේ දැඩි ‍උනන්දුවකින්. උපන් දින සාදයෙන් පසු දිනයේදී රන්බීර්ට අවශ්‍ය වුණා, ඔහුගේ අලුත් නිවහනේ අභ්‍යන්තර ගෘහ අලංකරණයට අවශ්‍ය දේවල් මිලදී ගන්න.

පාලි හිල් ප්‍රදේශයේ පිහිටි තට්ටු නිවාස සංකීර්ණයක 7 වැනි මහලේ පිහිටි නිවහන මිලදී ගත් රන්බීර්, එහි පදිංචියට යෑමට බලාපොරොත්තු වන්නේ සැප්තැම්බර් මාසයේදී. ඊට කලින් එය හැඩ වැඩ කර ගන්නටයි රන්බීර්, ගෞරී ඛාන්ට ඇරයුම් කළේ. ඇය, අභ්‍යන්ත‍ර ගෘහ අලංකරණ කටයුතු පිළිබඳව ප්‍රවීණ ශිල්පිනියක්. ඒ නිසා රන්බීර් කල්පනා කළා, ලන්ඩන් නුවරට පැමිණි මොහොතේ තමන්ගේ අලුත් නිවෙසට සුදුසු ගෘහ අලංකරණ රෙදි පිළි සහ උපකරණ මිලදී ගැනීමට ගෞරීගේ සහය ලබාගන්න. ගෞරීත් ඒ සාප්පු සවාරියට එකඟ වුණා. රන්බීර් මේ සවාරියට ශ්වේතාව ද එක් කර ගත්තා. (ශ්වේතා, අමිතාබ් භච්චන් සහ ජයා බහදුරි යුවළගේ වැඩිමල් දියණියයි) ඇය ද කිසිදු පැකිලීමකින් තොරව සාප්පු සවාරියට එක්වුණා.

පැය කිහිපයක් ම ගතව‍‍ූ මේ සාප්පු සවාරියේදී රන්බීර්, අතිශය අලංකාර රෙදි පිළි මෙන් ම වටිනා ගෘහ භාණ්ඩ රැසක් ද මිලදී ගත්තා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »