Home / බොලිවුඩ් ගොසිප් / අන්කිතා දාලා ගියොත් එයාගේ නංගිව බදිනවා
සුෂාන්ත් සිං රාර්පූත්

අන්කිතා දාලා ගියොත් එයාගේ නංගිව බදිනවා
සුෂාන්ත් සිං රාර්පූත්

2016-06-26 09:39:00       726
feature-top
කෙනෙක්‌ට තියෙන ලස්‌සන, කඩවසම් බව බොලිවුඩ්වල ඉදිරියට යන්න උපකාර කරනව තමයි. ඒ වුණත් දක්‍ෂතාව නැත්නම් පැවැත්මක්‌ නෑ කියන කතාවත් අපි පිළිගන්න ඕනි. මේ කියන කාරනා දෙකම සම්පූර්ණ කරපු නළුවො වගේම නිළියොත් ඕනි තරම් බොලිවුඩ්වල ඉන්නව. අද කතාකරන්නෙ ඒ වගේ නළුවෙක්‌ ගැන. කාලයක්‌ මෙයාට ඉන්දියාවෙ ටෙලිවිෂන් ප්‍රේක්‍ෂකයො වහ වැටිල හිටිය. ඒ වගේ ආදරයක්‌ දිනාගෙනත් මෙයාට ඕනි වුණේ සිනමාවට එන්න. හැබැයි ඒක අසාර්ථක වුණේ නැහැ. ගොඩක්‌ සාර්ථක වුණා. ඒ වෙන කවුරුවත් නෙවෙයි. සුෂාන්ත් සිං රාර්පූත්... කතා කරන ඇස්‌වලට ඉහළින් කඩා වැටෙන අකීකරු කොණ්‌ඩෙ මේ කඩවසම් තරුණයගෙ සුන්දරත්වය තවත් වැඩි කරනව. පවිත්‍ර රිෂ්තා ටෙලිනාට්‍යයෙන් රූපවාහිනිය ජයගත් සුෂාන්ත් කායි පෝ චා චිත්‍රපටයෙන් සිනමාව තුළ එයාගෙ සළකුණ තැබුවා. කවුරුත් ආදරය කරන මේ සෙනෙහෙවන්තයට කරන් දවසක්‌ කතා කළේ වෙනස්‌ම විදිහෙ කතාබහකට. අපි බලමු එයාල මොනවද කතා කළේ කියල...

කොහොමද සුෂාන්ත්...?

ගොඩක්‌ හොදයි. ජීවිතේ නොහිතපු අවස්‌ථාවල ගොඩක්‌ දේවල්a අත් විඳින්න ලැබුණ. ප්‍රේක්‍ෂකයන්ගෙ ආදරේ මහ ඉහළින් ලබන්න මම වාසනාවන්ත වුණා. ඉතින් ඇයි මම දුක්‌ වෙන්නෙ. මගේ ජීවිතේ හොඳම කාලෙ සතුටින් ඉන්නව.

ඇයි රූපවාහිනිය අතහැරියෙ...?

එහෙම දෙයක්‌ වුණේ නැහැ. මම අදටත් එතැනට ආදරෙයි. මාව ජනතාව අතරට ගෙන ගියෙ එයා. කවුරුත් නොදන්න මට වටිනාකමක්‌ දුන්නෙත් එයා. ඒත් මට එක තැන ඉන්න පුළුවන්කමක්‌ නැහැ. ඒකයි මම සිනමාව තෝරගත්තෙ...

එක්‌තා කපූර්ට ඔබ කළේ අසාධාරණයක්‌...

නැහැ. මම එහෙම හිතන්නෙ නැහැ. මම පවිත්‍ර රිෂ්තා නාට්‍යයෙන් ඉවත් වුණේ එය ජනප්‍රියත්වයේ ඉහළින්ම තිබෙන අවධියක. මම එක්‌තාට කලින් ඉඳන් ඒ දේ කියලයි තිබුණෙ. අනිත් එක ගිවිසුම අත්සන් කළේ අයින් වෙන දවස වෙනකම් විතරයි. මම වරදක්‌ කළේ නැහැ...

ඇයි දැන් වැඩිය නටන්නෙ නැත්තෙ...?

ඇයි නැත්තෙ. නර්තනය තමයි මගේ ජීවිතේ. හැම මොහොතකම මගේ හිත ඇදිල යන්නෙ ඒ වෙනුවෙන් තමයි. රියෑලිටි ෂෝවලට ගියෙ නැතිවට තවමත් මම නර්තනය පුහුණු වෙනවා. ඒක මගේ දෛනික පුරුද්දක්‌ බවට පත්වෙලා.

කවදහරි දවසක අන්කිතා ඔබව හැර ගියොත්...

මම හිතන්නෙ නැහැ එයා එහෙම කරයි කියල. ඒ වුනත් එයාට ඒකට නිදහසක්‌ තියෙනවා. හැබැයි මටත් එක ඔප්ෂන් එකක්‌ තියෙනවා. එයා ගියොත් මම එයාගෙ නංගි බඳිනවා. නංගි මට ගොඩක්‌ ආදරෙයි. හහ්.. හහ්...හා...

ඔබ පේන තරම් අහිංසක නෑ වගේ...

මම කැමති නෑ කවුරුත් මාව අහිංසකයි කියල හඳුන්වනවට. කොල්ලො අහිංසකයි තමයි. ඒක පිටට පෙන්වන්නෙ නැහැ. එයාල ඉන්න ඕනි ටිකක්‌ සෙල්ලක්‌කාර විදිහට. එහෙම හිටියොත් තමයි අනිත් අයගේ අවධානය ගන්න පුළුවන් වෙන්නෙ...

ඔබ පී.කේ තුළ අසාර්ථකයි කීවොත්...

කවුද එහෙම කියන්නෙ. සමහරවිට ඒ මම පුංචි චරිතයක්‌ කරපු නිසා වෙන්න ඇති. ඒ වුණත් මම ඒක මදි කමක්‌ විදිහට සලකන්නෙ නැහැ. මගේ උපරිමය ඒ වෙනුවෙන් ලබාදුන්නා. පී. කේ. මගේ ගමනට ආශීර්වාදයක්‌ වුණා.

ඔයා මේ දවස්‌වල ක්‍රිකට්‌ ගහනවයි කියන්නෙ ඇත්තද...?

ඔව්නෙ. ඒ කතාවනම් ඇත්ත. ඒ මගේ අලුත්ම චිත්‍රපටය වෙනුවෙන්. මහේන්ද්‍ර සිං දෝනිගෙ චරිත කතාව අලලා කරන නිර්මාණයක්‌ වන ඒ තුළින් ඉදිරියෙදි මාව දකින්න පුළුවන් වේවි. ඇත්තටම මමත් ගොඩක්‌ ආසාවෙන් කැපවීමෙන් කරන චරිතයක්‌...

කවුද ඔබේ ජීවිතේ වීරයා...?

මගේ ජීවිතේ කිසිම වීරවරයෙක්‌ නැහැ. මම ශ්‍රේෂ්ඨයි කියල සලකන්නෙ හොඳ දේවල් කරන මිනිස්‌සුන්ව විතරයි. ඒ වුණත් තවම මම එහෙම කවුරුවත් දැකල නැහැ.

ඔබ දැකපු නරකම හීනය...

මම කැමතිම නැති දෙයක්‌ තමයි හීන දකින එක. ඒක මහ බොරු වැඩක්‌. වැරදිලාවත් මට හීන පෙනුණොත් ඒ දවසට මම කැමතිම නැහැ. ඇයි කියන්න දන්නෙ නැහැ. මම හීනවලට බයයි. නරක හීන නම් දැකලම නැහැ...

වැඩ කරන්න කැමතිම අධ්‍යක්‍ෂවරයා කවුද...?

මම කැමතියි රාර් කුමාර් හිරානිත් එක්‌ක වැඩ කරන්න. ඒ වගේම කරන් ඔයා එක්‌ක වැඩ කරන්නත් කැමතියි මම. අලූත් අලූත් අධ්‍යක්‍ෂවරුත් එක්‌ක වැඩ කරල වෙනස්‌ විදිහෙ අත්දැකීමක්‌ ගන්න මම ගොඩක්‌ කැමතියි...

තමන්ට වරයක්‌ ලැබුණොත් මොනවද වෙනස්‌ කරගන්න කැමති.

මම කැමතියි තව ටිකක්‌ කඩවසම් වෙන්න. ඒත් එක්‌කම සරාගික පෙනුමකුත් ලැබෙනව නම් මම කැමතියි. මට මේ ලැබිල තියෙන අහිංසක පෙනුම නිසා ගොඩක්‌ චරිත නොලැබී ගිය අවස්‌ථාත් එමටයි. ඉතින් මම කැමතියි අහිංසක පෙනුම නැතිකරගන්න...



Wmqgd .ekSu jhsk mqj;a m; weiqfrks

More News »